ගවරවිල තේ වතුයායේ ලක්ෂ 11කට අධික යූරියා පොහොර අතුරුදන්

198


මස්කෙළිය පොලිස් වසමට අයත් ගවරවිල තේ වතුයායේ ගබඩා කාමරයේ තිබී රුපියල් ලක්ෂ එකොලහකට අධික වටිනාකමකින් යුත් යූරියා වර්ගයේ කිලෝ 50 පොහොර මිටි 197 ක් අස්ථානගතවී ඇති බවට බවට එම වතු පාලනාධිකාරියෙන් ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව මස්කෙළිය පොලීසිය පවසයි.
හොරණ වැවිලි සමාගමට අයත් ගවරවිල තේ වතුයායේ අස්ථානගතවී ඇති බව කියන මෙම යූරියා පොහොර තොගයේ වටිණාකම රුපියල් 11,82,000 ක් බව වතු පාලනාධිකාරිය සඳහන් කරයි.
ඉකුත් 31 වැනිදා වර්ෂාවසානයේ තොග ගණන් බැලීමේදී මෙම පොහොර තොගය අස්ථානගතවී ඇති බවට අනාවරණය වූ බව වතු පාලනාධිකාරිය පොලීසියට පවසා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment