ගව මළකුණ ගොඩ ගෙන හම ගසා මස්වලට යවලා – 4 දෙනෙක් අත්අඩංගුවට

493

රක්වාන උක්වත්ත ප‍්‍රදේශයේ මැරී වළ දමා තිබූ ගවයකුගේ සිරුරක් ගොඩගෙන හම ගසා මස් කර වාහනයකින් ප‍්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් හතර දෙනකු සමග එම මස් තොගය අත්අඩංගුවට ගත් බව රක්වාන පොලිසිය පවසයි. පෙරේදා (28 දා) රාතී‍්‍රයේදී මෙම වැටලීම සිදු කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකු ගොඩකවෙල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් තැනැත්තා රක්වානේ පදිංචිකරුවෙකි. සැකකරුවන් අදාළ මස් තොගය සහ ප‍්‍රවාහනය සඳහා යොදාගත් වාහනය ඊයේ  (29 දා) පැල්මඩුල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. රක්වාන පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ. ඇම්. ජයවර්ධන මහතාගේ උපදෙස් පරිදි උ.පො.ප. මධුශංක, පො. සැ. (8630* ගාමිණී, පො. කො. (40210* දිනුෂ යන නිලධාරීහු මෙම වැටලීමට සහභාගි වූහ.

ගබ්බෙල පියදාස – රක්වාන
 

advertistmentadvertistment
advertistmentadvertistment