ගසක අතුකපමින් සිටි තිස් හැවිරිදි තරුණයා අසල ගිනි මැලයට වැටී පිළිස්සීමෙන් මරුට

556

කොස්ලන්ද පොලිස් වසමේ හිවල්කඳුර රෝස්බෙරි වත්තේ පදිංචි තිස් හැවිරිදි තරුණයෙකු ගිනිමැලයකට වැටී පිළිස්සීමෙන් පෙරේදා (20දා* මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ ශිවරාජ් රවි චන්ද්‍රන් නැමති තරුණයෙකි. ඔහු ඉකුත් 14 වැනිදා වත්ත සුද්ධ පවිත‍්‍ර කොට කොළරොඩු එකතු කොට ගිනි තබා ඇත. ගිනිමැලය අසල ගසකට නැඟ අතුකපමින් සිටියදී ඔහු ගිනිමැලයට වැටී ඇත. ගින්නෙන් පිළිස්සුණු තරුණයා වැල්ලවායේ මූලික රෝහලට ඇතුලත් කොට වැඩිදුර ප‍්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. කොස්ලන්ද පොලිසිය පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment