ගහේ සිට සෙල්ෆිය ගහද්දී ගඟට වැටුණු පුංචිකුලම ළමයාගේ මළ සිරුර හමුවෙයි

632

කලාවැවෙන් ජලය ගලා යන ජය ගෙ`ගන් පෙරේදා (07 දා) සවස දිය නෑමට ගොස් ගඟ ඉවුරේ පිහිටි ගසකට නැග සිය ජංගම දුරකථනයෙන් ‘සෙල්ෆි’ ඡායාරූපයක් ලබා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ ගසෙන් ගඟට ඇදවැටී අතුරුදන්ව සිටි දහතුන් හැවිරිදි පිරිමි ළමයකුගේ මළ සිරුර ඊයේ (08) පෙරවරුවේ ඉපලෝගම පොලිසියේ ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ ජීවිතාරක්ෂක කණ්ඩායමක් විසින් සොයා ගනු ලැබීය.

ඉපලෝගම, පුංචිකුලම, ජයගඟ පාරේ පදිංචිව සිටි කේ. එම්. නිදේෂ් සත්සර නමැති පිරිමි ළමයකු මෙසේ දියේ ගිලී මියගොස් ඇත.

පෙරේදා (07 දා) සවස 3.45ට පමණ සිය නිවස අසල පිහිටි ජය ගඟට දිය නෑමට ගිය අවස්ථාවේ ඔහු මෙලෙස අතුරුදන්ව සිටියේය.

අනතුරුව ඉපලෝගම පොලිසිය ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියේ සහය ඇතිව කලාවැවෙන් ජය ගඟට ජලය මුදා හරින සොරොව්වේ දොරවල් වසා පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම්වල සහ ප‍්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව අතුරුදන් වූ පිරිමි ළමයාගේ සිරුර සොයා මෙහෙයුමක් ක‍්‍රියාත්මක කළ ද ඔහුගේ සිරුර සොයා ගැනීමට නොහැකි වී තිබිණි.

අනතුරුව නැවතත් ඊයේ (08 දා) පෙරවරුවේ පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම්වල සහය ඇතිව කළ මෙහෙයුමකදී සිසුවා ගසෙන් ජය ගගට වැටුණු ස්ථානයේ සිට කිලෝමීටරයක් පමණ දුරින් ජය ගෙග් තිබී ඔහුගේ සිරුර සොයා ගෙන තිබිණි.

මේ පිළිබඳව ඉපලෝගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment