ග‍්‍රහයන් සිව්දෙනකු දුර්වල වෙයි – ශ‍්‍රී ලංකාව කොයිබට ද?

256

ශ‍්‍රී ලංකාව තුළ බලවත් ආර්ථික අර්බුදයක් පවතින බව රහසක් නොවේ. මෙවැනි වකවානුවක උදාවන ග‍්‍රහ බලය හමුවේ ශ‍්‍රී ලංකාවාසීන්ට මුහුණ පෑමට සිදුවිය හැකි ප‍්‍රතිවිපාක ගැන සාකච්ඡුා කිරීම මේ ලිපියේ අරමුණ යි.

 කුම්භ ලග්නය හිමි ශ‍්‍රී ලංකාවේ ලග්නපති සෙනසුරු දැනටමත් ලග්නයෙන් දොළොස්වැන්නේ ගමන් කරමින් සිටී. බුධ ද දොළහේ ගමන් කරන අතර පෙබරවාරි මස 26 වැනි දා කුජ ග‍්‍රහයා ද පෙබරවාරි මස 27 වැනි දා සිකුරු ග‍්‍රහයා ද දොළොස්වැන්නට පැමිණේ. කේන්ද්‍රයක දොළොස්වැන්න යනු වැයස්ථානය යි. සියලූ ම ව්‍යාධි නඩු දෝෂ, කල් තැබීම මෙන්ම ආරෝග්‍යශාලා බන්ධනාගාර පුනරුත්ථාපන මධ්‍යස්ථාන ආදිය ද ඊට අයත් ය. මේ හැර රවි සහ ගුරු ලග්නයේ ගෝචරව ගමන් කරන අතර ගුරු ලග්නයේ ගමන් කිරීම ද එතරම් ශුභ නොවේ.

 මේ වනවිට විදුලි සැපයුම හා ඉන්ධන සැපයුම අඩාල වී තිබේ. අප රටේ විදුලි අර්බුදයක් මතුවන බව පසුගිය මාසයේ දී අපි නැකත මගින් අනාවරණය කළෙමු. ඇත්ත වශයෙන් ම විදුලි අර්බුදයට ද මූලික හේතුව වී ඇත්තේ තෙල් සැපයුමට බාධා ඇතිවීම බව නො කිවමනා ය. උත්ත ග‍්‍රහ බලය ගැන සලසනවිට තෙල් වෙළෙඳාම ගැන කියන සෙනසුරු ග‍්‍රහයා දුර්වල වීම එය නිවේදනය කරයි. තව ද ශනි ගෙන් කියැවෙන වැඩකරන ජනතාව මූලිකව සංවිධානය කෙරෙන වර්ජන තර්ජන ද තව දුරටත් පවතිනු ඇත. අඛණ්ඩව ඉන්ධන සැපයුම කිරීමට ද බාධා පවතී. සෙනසුරු දොළොස්වැන්නට පැමිණි දින සිට කොරෝනා වසංගතය අද්දකින්නට සිදු විය. ඉන්පසුව උදාවූයේ ගෑස් පිළිබඳ ගැටලූව යි. දැන් තෙල් හි`ගයක් ඇති වී තිබේ. බුධ ග‍්‍රහයා නිවේදනය කරන සන්නිවේදන හා මාධ්‍ය අංශවලට අපල බව පෙන්වමින් මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම මහතාගේ නිවසට ප‍්‍රහාරයක් එල්ල විය. මේ අතර ශනි සමග උච්ච කුජ හා සිකුරු ද දොළහේ ගමන් කරයි. කුජ සිකුරු දුර්වලවීම කාම අපරාධවලට ම`ග පාදයි. තරුණ ප‍්‍රජාව අතර විනය දුබලවීම හා කාම අපරාධ ගැන අසන්නට ලැබේ. කොරෝනාවලට අමතරව උණ රෝග බහුල වනු ඇත. මේ නිසා සෞඛ්‍ය සංරක්‍ෂණය වෙනුවෙන් රජයට විශාල වියදමක් දරන්නට ද සිදුවේ. ඉංජිනේරුවන්, ශල්‍ය වෛiවරුන්, පොලිසිය හා ආරක්‍ෂක නිලධාරීන් වන අඩවි නිලධාරීන්, ග‍්‍රාමනිලධාරීන් වැනි අයට ද තරමක පීඩාකාරී තත්ත්වයන් පැන නඟී. එමෙන්ම කලා ශිල්පීන් නාට්‍ය ශිල්පීන් නිළියන්, ගායකයන් රූලාවණ්‍ය ශිල්පීන් ආදීන්ට ද අපල කාලයක් බව පෙනේ. මේ අතර කුජ විසින් නිවේදනය කරන හදිසි අනතුරු භූමිකම්පා හා විෂබීජ ආශ‍්‍රිත රෝගාබාධ ද බහුලවීමට ඉඩ තිබේ. පොත්පත් ප‍්‍රකාශනය සඳහා ද ඉහළ මිලක් ගෙවීමට සිදුවනවා ඇත.

 මේ අපල තත්ත්වය සමනය වන්නේ අපේ‍්‍රල් මස අග දී බව පෙනේ. අපේ‍්‍රල් මස 29 වැනි දින ශනි කුම්භ රාශියට මාරුවන අතර අපේ‍්‍රල් 7 වැනිදා කුජ මාරුව සිදුවේ. අපේ‍්‍රල් 14 වනවිට ගුරු ග‍්‍රහයා ද ධනස්ථානයට මාරු වන්නේය.

 මේ නිසා උදාවන මාස දෙකක පමණ කාලය ඇතුළත හැකි තරමින් ධර්මානුකූලව දිවිපෙවත ගත කිරීමට ද ශරීර සෞඛ්‍ය රැුකගැනීමට සැලකිලිමත් වීම ද අවශ්‍ය වන්නේය. නැති බැරි අයට පිහිට විය යුතුය. මත්පැන්, මත්ද්‍රව්‍ය පිටු දැකිය යුතුය. කරුණාව මෛත‍්‍රිය පැතිරවිය යුතුය. සැවොම සත්‍ය කතා කිරීම ද අවශ්‍ය වේ. මේවා පහළ සිට ඉහළට නොව, ඉහළ සිට පහළට ක‍්‍රියාත්මක විය යුතු බව ධර්මයේ සඳහන් වේ.

ග‍්‍රහයන් සිව්දෙනකු දුර්වල වෙයි - ශ‍්‍රී ලංකාව කොයිබට ද?


කෑගල්ලේ සුනිල්
 කුමාර ගම්ලත්

 දු.අංකය – 0771 234 313

advertistmentadvertistment
advertistmentadvertistment