ග්‍රහයෝ  අපල කරන හැටි

716

ග්‍රහයන් පිහිටා සිටින ආකාරයට ඍෂිවරු දක්වා ඇති ගුණාංග ඒ ඒ පුද්ගලයාගේ පව් පින් දෙක අනුව සකස් වීමක් බව පෙනේ. කුජ පස්වෙනි භාවයේ උච්ඡව හෙවත් ඉතා සුබදායීව පිහිටි කන්‍යා ලග්න හිමියකුට ඒ උච්ඡව සුබව සිටි කුජ ග්‍රහයාගේ මහ දශාවේදී ඔහුට සුව කළ නොහැකි තරමටම උග්‍ර වකුගඩු රෝගයකට මුහුණ පෑවේ අකුසල් කුජගෙන් ඉස්මතු වූ නිසාමය.

අපල කියා කිව්වම බොහෝ අය ‘මුන් මටමයි මෙහෙම කරන්නේ’ කියා කියා ග්‍රහයෝ සමග වෛර බඳිනවා. සමහරු අපල ලෙස එන දුක් කරදර විඳ විඳ ඔය කේන්දර කියන්නෙ බොරුවක්. ජ්‍යොතිෂය කියල කියන්නෙ බොරුවක් කියල පරිභව කරනවා. ඇතැම් අයට ඔය අපල කියන්නේ ඔබ පෙර කරගත් පව්වල විපාක කියල කිව්වහම විශ්වාස කරන්න බෑ. ඒ තරම්ම අකුසල් තියනවද? කියල අහනවා.

එනිසා ග්‍රහයෝ අපල කරන්නේ කොහොමද කියන එක පහදා දෙන්න ඉස්සරලා අපෙන් අකුසල් සිද්ධ වෙන හැටි කොහොමද කියල දැනගන්න ඕනෑ. එනිසා මේ විස්තර කියවලා බලන්න.

“චේතනාහං භික්ඛවේ කම්මං වදාමි.’ කුසල හෝ අකුසල කර්මයක් සකස් වෙන්නේ තම චේතනාව එක්කමයි කියල තමයි ඒ කීවේ. දැන් මේ උදාහරණ බලමු.

මේ ඊයේ රෑ එහා ගමේ නාය ගිහිං ගෙවල් දෙකක්ම තිබුණ තැනකවත් නෑ. ගෙවල්වල හිටපු කීපදෙනෙක් නම් කොහෙදෝ ගිහිං හිටපු නිසා බේරිලාලු. අනිත් අය සේරම අහුවෙලා. මේ යන්ද බලන්න. “ඔව් ඔව් අනිවාර්යයෙන් බලන්න ඕනෑ යං.”

මේ බලන්න යන්නේ මහා විපතක් සිදුවීමකි. එතන චේතනාව වන්නේ එහෙම දෙයක් දකිමින් යම් ආශ්වාදයක් විඳීමකටය. එහෙම ආශ්වාදයක් චේතනාව නොවුණා නම් ඔහු යන්නේ නැත. එතැන ඉපදුනේ විපත්තියක් දැකීමේ කැමැත්ත ආශාව හෙවත් තෘෂ්ණාවය. තෘෂ්ණාව යනු අකුසල් මුලකි. මෙය පෙර ආත්මේ සිදුවූ අකුසලයකි. එය තැන්පත් වන්නේ සිතේ පත්වූ පසු අපට උපන් වෙලාවට වඩා වැඩි වෙනසක් පෙනේ. නමුත් ඒ වෙනස ඇතිවන ආකාරය කොහොමත් නොපෙනේ. ඒ දරුවාට වයස හැත්තෑවක් පමණ ගිය පසු හොඳටම වෙනස්ය.

මේ වෙනස අනිච්ඡ වීම ලෙස දැක්වේ. අපි ගෙයක් සාදාගෙන එහි ගෙවදීමේ උත්සවය පවත්වා එහි පදිංචි වූ පසු ඒ ගෙය ද චිත්තක්‍ෂණ දාහතෙන් දාහතට වෙනස් වෙන අන්දම අපට නොපෙනේ. නමුත් වසර විසි පහක් තිහක් ගතවන විට එය පරණ ගෙයක් බවට පත්වෙයි. නමුත් එය පරණවීම සිදුවූ අන්දම නොපෙනේ. පෙනෙන්නේ වසර ගණනාවක් ගිය පසුය. මේ වෙනස්වී යෑම විශ්වයේ ඒකාන්ත ඇත්තකි.

අපේ ඇස් පෙනීම අඩු වන්නෙත් ඒ අන්දමටය. අපට වයස අවුරුදු හතළියේ සිට ඇස් පෙනීම අඩු වුණා කියා අපි සිතමු. ඒ ඇස් පෙනුම අඩු බව අපට දැනුණ වෙලාවයි. නමුත් ඇස් පෙනීම අඩුවන්නේ වසර විස්සකට තිහකට උඩ සිටය. මෙය චිත්තක්‍ෂණ දාහතෙන් දාහතට සිදුවන දෙයකි. නමුත් අපට නොදැනේ. දැනෙන්නට පටන් ගන්නේ අවුරුදු හතළිහේ දීය.

ඇහි පිල්ලමක් ගහන වෙලාව ලක්‍ෂයකට බෙදා ඒ එක් කොටසක් චිත්තක්‍ෂණ එකක් ලෙස හඳුනාගෙන අපට මේ විශ්වයේ නොපෙනෙන නොදැනෙන සියල්ල සම්මා සම්බුදුවරයෙක් හඳුනා ගෙන අපට ඒ තොරතුරු ලබාදීම ‘ධර්මය’ කියා හඳුන්වයි. ශරීර වර්ධනය වීම සිදුවන්නේ සෑම චිත්තක්‍ෂණ දාහතකට වරක්ය. අපේ රූප ශෝභාව හා ශක්තිය මේ ආකාරයට වර්ධනය වෙනවා. අපට වයස තිහේ සිට අපේ රූපශෝභාව ශරීර වර්ධනය කායික හා මානසික ශක්ති චිත්තක්‍ෂණ දාහතෙන් දාහතට අඩුවෙමින් යනවා.

මේ චිත්තක්‍ෂණ දාහතෙන් දාහතට එවන් අන්දමින් අපිට තබා දෙවියකුට වත් නොපෙනෙන ක්‍රියාකාරීත්වයක් පවතිනවා. අනතුරුවලට ලක්වී සියලු වැඩකටයුතු ඇණහිටීම සේම දරුණු වේදනාවන් විඳීමට සිදුවීම ඇතැම් විට මරණය සිදුවීම ආදිය සේම සමස්ත වශයෙන් තමන්ට ජීවත් වීමට යම් යම් පහසුකම් සැලසී තිබුණා නම් ඒවා වෙනස්වී ජීවත් වීමට මහත් දුක්කරදර වෙහෙසවීම් වැඩි කරයි.

මේ අනුව තෘෂ්ණාව ආශාව යනු අපි සහමුලින් මුළාවට පත්කර දරුණු දුක් ආදීනව වශයෙන් ලබා දෙන ක්ලේෂ ධර්මයක් බව අපේ දහමේ අපට උගන්වා තිබේ.

විiාඥයන්ගේ නූතන පර්යේෂණ අනුව රවි – චන්‍ද්‍ර – කුජ – බුද – ශනි – ශුක්‍ර – ගුරු – රාහු කේතුයි. මේ පරමාණුක ශක්ති අපගේ සිරුරට සම්ප්‍රේක්‍ෂණය වී මනෝ විඤ්ඤාණය දක්වා ඒවා ගමන් කර පෙර ඉපදී එහි තැම්පත්ව ඇති කුසලාකුසල කර්ම මේ ග්‍රහ කිරණ ඔස්සේ සක්‍රීය වී විපාක සැලසෙන බව අපි ලත් දැනුම ඔස්සේ උපකල්පනය කළ හැක.

ග්‍රහයන් පිහිටා සිටින ආකාරයට ඍෂිවරු දක්වා ඇති ගුණාංග ඒ ඒ පුද්ගලයාගේ පව් පින් දෙක අනුව සකස් වීමක් බව පෙනේ. කුජ පස්වෙනි භාවයේ උච්ඡව හෙවත් ඉතා සුබදායීව පිහිටි කන්‍යා ලග්න හිමියකුට ඒ උච්ඡව සුබව සිටි කුජ ග්‍රහයාගේ මහ දශාවේදී ඔහුට සුව කළ නොහැකි තරමටම උග්‍ර වකුගඩු රෝගයකට මුහුණ පෑවේ අකුසල් කුජගෙන් ඉස්මතු වූ නිසාමය. විශේෂයෙන් මේ තරම්ම විපාක දෙන්න අකුසල් ඇත්තටම තිබේ දැයි ප්‍රශ්න අහන අයට ඒ නාය ගිය විපත බලන්න චේතනාව තුළ තිබූ තරහාව අකුසල් බව අවබෝධ කරන්න. එසේම මේ විස්තරයත් මනාව තේරුම් ගන්න.

‘අද දානෙ ගෙයක් තියනවා. එහෙ අපි හවස යන් දරුවන් එක්ක. කටට රහට කෑම ටිකක් අද අපට කන්න පුළුවන්නේ.” තාත්තා දරුවන්ටත් මවටත් එසේ කීවේය. මේ චේතනාව තුළ තිබුණේ ආහාර ගැන තෘෂ්ණාවකි. තෘෂ්ණාව යනු අකුසල් මුලකි. එනිසා එතන හටගත්තේ අකුසල් හෙවත් පව්ය. ඒවාද විපාක දෙන්නේය. සාමාන්‍යයෙන් දෛනික අපේ ජීවිතවලට ඒවා පව් කියා වැටහෙන්නේ නැත. එහෙමත් පව් සිද්ධ වෙනවද කියා අහනවා. නමුත් අභිධර්මයේ කර්ම හා කර්ම විපාක සකස් වන හැටි අවබෝධ කළ අය ඒවා එසේම දන්නේය.

ලස්සන ගෑනු ළමයෙක් දකින යම් තරුණයෙක් ඒ ළමයා ගැන ආසා සිතක් හෙවත් තෘෂ්ණාව පහළ කළ නම් එයද අකුසලයකි. උප්ධි විපත්තියක් ලෙස එය තමන්ට විපාක සලස්වයි. අපි මේ ගිහි දිවිය දෛනිකව ගතකරන විට ඒවායින් පව් සිදුවෙනවා කියා අපි දන්නේ නැත. ඒවා ගැන අපි එහෙම හිතන්නේත් නැත.

කීපදෙනෙක් එක්වී අල්ලාප සල්ලාපයේ යෙදෙන විට දන්නෙම නැතුව එක එක්කෙනාගේ ඇද පලුදු කතාකරන අවස්ථාවලත් අකුසල් උපදී. මේවා උපධි විපත්ති ලෙස පැමිණ ගතකරන ජීවිතයේ තමන් ජීවත් වීමට ගන්නා උත්සහයන්ට බොහෝ අවහිර බාධා ඇතිකරයි. මේ සමහර උපධි විපත්ති මිනිස් නම් සුගතිගාමී ආත්මය ලබනවිට විපාක ඇණහිටින අකුසල් ද තිබේ. යම් හෙයකින් මේ මිනිස් ආත්මය රැකගත නොහැකිව මියගොස් ප්‍රේත තිරිසන් අසුර නිරය ආදී තැනක ඉපදුන හොත් මිනිස් නම් වූ මෙම සුගති ආත්මය නිසා මගහැරී තිබුණු සියලු අකුසල් ඒ අගති ආත්මවලදී බලවත් ලෙස විපාක දෙයි. අකුසලය සහ අපල මේ අයුරින් හඳුනා ගන්න.

ග්‍රහයෝ  අපල කරන හැටි

ජ්‍යොතිෂවේදී  අගලවත්තේ බී. හේරත්
මහජන ක්‍රීඩාංගණය
අසල අගලවත්ත
077-2154253

advertistmentadvertistment
advertistmentadvertistment