ග්‍රහ චාරය ඔබ නොතකයි – මධු මේහය හිස ඔසවයි

819

ලෝක ජනගහනයෙන් මිලියන 415 කට ඇති බෝ නොවන වඩාත්ම සුලභ රෝගය මධුමේහය නොහොත් දියවැඩියාවයි. (Diabetes) ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවන් ගේ අක්‍රමිකතාවයක් නිසා රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යෑමෙන් ඇතිවන රෝගී තත්ත්වයකි. මෙහි අග්න්‍යාශය මගින් ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් හෝමෝනය නිපද නොවීම නිසා හෝ දේහයේ සෛල ඉන්සියුලින්වලට නියම ලෙස අනුකූලතා නොදැක්වීම නිසා හෝ මෙම තත්ත්වය ඇතිවේ.

මෙහි ආවේණික රෝග ලක්ෂණයක් වන්නේ රුධිර ග්ලූකෝස් මට්ටම ඉහළ ග්ලූකෝස් මට්ටම ඉහළ වෙයි. රෝගය උත්සන්න වුවහොත් හෘද අකර්මණ්‍යතාව ආඝාතය පාද ආශ්‍රිත සංකූලතා අක්ෂි ආබාධ වකුගඩු ආබාධ හා ස්නායු දුර්වලතා ඇතිවෙයි. රෝගය උත්සන්න වුවහොත් හෘද අකර්මණ්‍යතාව, ආඝාතය, පාද ආශ්‍රිත සංකූලතා, අක්ෂි ආබාධ, වකුගඩු ආබාධ හා ස්නායු දුර්වලතා ඇතිවෙයි.

ග්‍රහ චාරය ඔබ නොතකයි - මධු මේහය හිස ඔසවයි

බටහිර වෛද්‍ය විද්‍යාවේ දියවැඩියා රෝගය නිට්ටාවට සුව කළ නොහැකි රෝගයක් බව හඳුනාගෙන ඇත. රෝගය ඇති වූ පසු හඳුනාගත් අවස්ථාවේ සිට ප්‍රතිකාර සඳහා යොමු වුවහොත් සාර්ථකව මැඬ පවත්වාගත හැකි රෝගයක් ලෙස නම් කර ඇති නිසා වසරකට අති විශාල රෝගීන් සංඛ්‍යාවක් මෙයින් මියයයි.

මෙම රෝගයට ගොදුරු වන්නේ ඇයි දැයි කල්තියා දැන සිටියේ නම් එයින් වැළකීමට පියවර ගැනීමට හැකි වෙයි. එදත් අදත් ඉදිරියටත් වෛද්‍ය විද්‍යාව කෙතරම් දියුණු වුවත් නවීන තාක්ෂණය හමුවේ වුවත් විශ්මිත ආකාරයෙන් පුද්ගලයකු උපන් වහාම ඔහුගේ ශාරීරික මානසික තත්ත්වයන් හා අනාගත ප්‍රකාශන ලබා දිය හැකි විෂයක් ලෙස ජ්‍යෝතිෂය ඉදිරියෙන් ඇත. මෙවැනි රෝගාබාධ කල්තියා හඳුනාගත හැකියි. ඒ බව ඔවුන්ගේ ජන්ම ග්‍රහචාරය තුළින් හඟවයි. දියවැඩියාව රෝගය පිළිබඳව හඟවන ග්‍රහයෝග කීපයක් දක්වතොත් මෙසේය.

ග්‍රහ චාරය ඔබ නොතකයි - මධු මේහය හිස ඔසවයි
  • ගුරු හා සිකුරු දෙදෙනා පාප සංයෝග හෝ පාප දෘෂ්ටි වලට ලක් වී සිටියදී 8 වැන්නේ පාපියකු තැන්පත් වීම.
  • හයවැන්නේ සඳු සහ රාහු පිහිටීම.
  • චන්ද්‍රයාගෙන් හතර වැන්නේ සිකුරු සිටීම.
  • සඳු හා ගුරු දෙදෙනා දුබල ව සිට 8 වැන්නේ පාපියකු තැන්පත් වීම.
  • සඳු ගුරු සිකුරු හා සඳු යන ග්‍රහයන් හයවැන්නේ දුබල වීම.
  • වෘෂභ හා තුලා රාශි දුර්වල වීම.
  • 8 වැන්නේ සඳු හෝ සිකුරු වී පාප දෘෂ්ඨි ලැබීම.
  • ගුරු සිකුරු චන්ද්‍රයාගෙන් අටවැන්නේ තැන්පත් වීම.
  • ගුරු සිකුරු යන ග්‍රහයන් නීච හෝ සතුරු නෛසර්ගික පාපයන්ගේ දෘෂ්ඨියට පාපීන්ගෙ දෘෂ්ටියට හසුවීම.
  • අට වැන්නාධිපති හා රාහු අටවැන්නේ සංයෝග වීම.
  • ලග්නයට බලවත් පාප දෘෂ්ටි එල්ල ව තිබියදී ලග්නාධිපතියා හය වැන්නේ ද සිකුරු දෙවැන්නේ ද වීම.
  • රවි ග්‍රහයා මීන රාශියේ දුබල වීම.
  • ගුරු සිකුරු යන ග්‍රහයන් නවාංශකයේ නීච වීම.
  • ලග්නයට පාප දෘෂ්ටි එල්ල ව සිටිය දී ලග්නාදී ලග්නාධිපතියාද නීච හෝ සතුරු රාශියක සිටියදී අට වැන්නේ සිකුරු තැන්පත් වීම හෝ දෘෂ්ටියක් අටවැන්නට වැටීම.
  • ලග්නයේ පාපියකු තැන්පත්ව සිටියදී ගුරු හා සිකුරු දෙදෙනා පාප සංයෝ හා පාප දෘෂ්ටිවලට ලක්වීම.
  • පාපියකු සමග සිකුරු අටවැන්නේ වැන්නේ තැන්පත්ව සිටියදී තවත් පාපීන්ගෙන් දෘෂ්ටි අටවැන්නට පතිතවීම.

උදා :-

1951 ජනවාරි මස 19 වැනිදා සිකුරාදා පෙරවරු 4.36ට කෑගල්ලේ දී රෙහෙණ 3 පාදයෙන් උපන් ජන්මියාගේ කේන්දරය විමසා බලමු.

මෙම කේන්ද්‍රයේ ලග්නය උභය රාශියක් වන ධනුවයි. ගුරු ලග්නාධිපති ග්‍රහයා වී තුන්වැන්නේ තැන්පත්ව ඇත. දියවැඩියාව යනු රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යෑම නිසා ඇතිවන රෝගී තත්ත්වයක් බව අපි දනිමු. ගුරු සීනිවලට කාරක ග්‍රහයා වෙයි. එම ග්‍රහයා තදබල ලෙස පීඩා වී දියවැඩියා තත්ත්වයක් ඇතිවිය ඇති විය හැකි බවට ඉඟියක් ලබා දෙයි.

මෙම කේන්දරයේ ගුරු ග්‍රහයා කුජ සහ රාහු ට මැදිවී පාප කර්තරී වී ඇත. සීනි මට්ටම ඉහළ ගිය විට ශරීරයෙන් මුත්‍රා පිටවීමේ අධික බවක් දියවැඩියා රෝගීන්ට ඇති වේ. මුත්‍රා සඳහා කාරක වන සිකුරු නෛසර්ගික සතුරු රවි සමග යෝග වීමත් සුබ බලපෑම් නොලැබීමත් නිසා දියවැඩියා රෝගය ඇතිවේ යැයි අපට සිතිය හැක.

තවදුරටත් විමසීමේ දී හයවැන්නේ සඳු තැන්පත් වීමත් අට අධිපති සඳු කුජගේ දෘෂ්ටියට ලක් වීමත් දියවැඩියා රෝගය ඔහුට වැළඳේ යැයි සිතිය හැක. මෙය කල් පවතින රෝගයක් නිසා රෝගයට සම්බන්ධ වන ගුරු හා සිකුරු යන ග්‍රහයන් දෙදෙනා ශනි, කේතු හා රාහු වැනි ග්‍රහයන්ගේ බලපෑම් වලට ලක් විය යුතු බව පෙනේ. මෙම කේන්දරයේ ගුරු රාහුගෙන් පාප පීඩාවට ලක් වීමත් රාහුගේ නැකතක තැන්පත් වීමත් තවදුරටත් පීඩා වන බව පැහැදිලිය.

කේන්දරයක බලවත් විය යුතු ග්‍රහයන් වන ලග්නාධිපතින් නවාංශක අධිපති, නැකත් අධිපති හා ලග්න නැකත් අධිපතීන් ද රවි සඳු පාප පීඩාවට ලක්වීමද ලග්නයට ශුභ දෘෂ්ටි නොමැති වීමද එම කේන්දර හිමි ඡන්මියාට ජීවිතේදී මොනයම් හෝ පීඩාවක් ඇති වෙයි.

මෙම ග්‍රහ පිහිටීම් තිබූ විට දියවැඩියා රෝගයට පහසුවෙන් ගොදුරු වෙයි. එය ඉස්මතුවන්නේ මෙම රෝගයට සම්බන්ධ ග්‍රහයින්ගේ දශා, අන්තර් දශා, විදශා වලදීය. දුෂ්ටස්ථාන අධිපතින්ගේ දශා කාලයේදී රෝග පීඩාදිය ඇතිවෙයි.

මෙම කේන්ද්‍රය හිමි ජන්මියා ඔහුගේ ප්‍රත්‍යාරි දශාවේදී එනම් ශනි මහ දශාවේ ශනි අතුරු දශාවේ රාහුගෙ විදශාවේදි මෙම රෝගයට ගොදුරු වී දීර්ඝ කාලීනව රෝගයෙන් පීඩා විඳ මරණයට පත්වී ඇත. ජන්ම කේන්ද්‍රය තුළ මෙම පිහිටීම් ඇත්නම් අලුයම අවදිවීම අනිවාර්ය වෙයි.

  • නිතර සත්‍ය ප්‍රකාශ කිරීම
  • පුරවන ලද වතුර වීදූරුවක් හෝ වතුර බෝතලයක් ඇඳ ළඟ පැත්තක තැබීම
  • උදෑසන පක්ෂීන්ට ආහාර ලබාදීම, දෙමාපියන් වන්දනා කිරීම
  • නිර්මාංශ වීම
  • මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොරවීම.
  • සැහැල්ලු ආහාර හා ජලය පානය කිරීම
  • කෑම වේල් අතර නිසි පරතරයක් පවත්වා ගැනිම
  • බදාදා දිනයන්හි භාවනාවකට යොමුවීම හෝ ඕනෑම දිව්‍යාංගනාවකට පුද පූජා තැබීම.
  • එමරල්ඩ් (මරකත) පැළඳීම.
  • දෙසතියකට වරක් වී පොරි – සුවඳ කොට්ටං – බැවිල – කලාඳුරු අල – දේවදාර – අබ – කටුපිල – ලොත්සුඹුලු යන ඖෂධ මිශ්‍රකොට තම්බා ස්නානය කරන්න.

ඉහත වත් පිළිවෙත් හා ශාන්තිකර්මවලට යොමුවීම තුළින් මෙම රෝගයට ගොදුරු වීම වළක්වාගත හැකි අතර ආත්ම දමනය හා සිතේ සන්සුන් බව ඇතිවීමට ද උපකාරී වෙයි.

ග්‍රහ චාරය ඔබ නොතකයි - මධු මේහය හිස ඔසවයි

ජ්‍යොතිර්විද්‍යා ප්‍රභාශ්වර, ශාස්ත්‍රශූරි
මනෝවිද්‍යා උපදේශිකා
නයෝමී පබසරා මැණිකේ
දුරකතන අංකය – 0772279138

advertistmentadvertistment
advertistmentadvertistment