ග්‍රහානියට නොවරදින බෙහෙත්

530

පූජ්‍ය බළංගොඩ ආනන්ද මෛත‍්‍රය නායක හාමුදුරුවන් විසින් එක්රැස්කර ගැටපද විවරණය කර සංස්කරණය කෙරුණු බෙහෙත් වට්ටෝරු දහස් ගණනකි. ඒවායින් සමහරක් පොත් වශයෙන් මුද්‍රණද්වාරයෙන් ද නිකුත් වී ඇති අතර, තවත් කොටසක් අප‍්‍රකාශිතව සුරක්‍ෂිතව පවතී.

පූජ්‍ය ආනන්ද මෛත‍්‍රය නායක හාමුදුරුවන් වහන්සේට ලැබුණු බෙහෙත් වට්ටෝරු පොත් අතර වටිනාම පොත් කිහිපය අයත්ව තිබුණේ මහවලතැන්න වලව්වේ රටේ මහත්මයා වූ එස්. ඞී. මහවලතැන්න මහතාටය. මහවලතැන්නවරු රත්වත්තේ පරම්පරාවේ ආදිතමයෝ වෙති. මේ පරම්පරාව සිය නිජභූමිය කොට ගත්තේ බළංගොඩ ප‍්‍රදේශයයි. බළංගොඩ වූ කලී අදටත් ශ‍්‍රී ලංකාවේ පිරිසිදුම ඔක්සිජන් වායුව සහිත ප‍්‍රදේශයව පවතී.

ආනන්ද මෛත‍්‍රය නාහිමියන්ගේ වට්ටෝරු අතුරින් මෙම සතියේ අවධානයට ලක්වන්නේ ග‍්‍රහණි රෝගයන්ට යොදාගන්නා බෙහෙත් වට්ටෝරුය.

ග‍්‍රහණි රෝග කිහිපාකාරයකි. බාලයන්ගේ ග‍්‍රහණි රෝගයට ඇසේ කබ ඉඳෙයි. ඇස කොනකින් නැෙඟයි. සෙම් නැතිවෙයි. වායු ග‍්‍රහණියට ඇඟ කසයි. බැමැ රැළි නැෙඟයි. දෙකම්මුල ඉසකේ වැගිරෙයි. පිත් ග‍්‍රහණියට පිළිහුඩු කෑම රුචි වෙයි. පපුව දවයි. ඇඟ නිය කහ පැහැවෙයි. සෙම් ග‍්‍රහණියට බඩෙන් කැසි ඇතිව ඔක්කාර වෙයි. සීතල ග‍්‍රහණියට බඩ ගසා නොයයි. ඇඟ නිල් වෙයි. පුළුටු රිසිවෙයි. ලේ ග‍්‍රහණියට ඇස ලේ පාට වෙයි. කැවුම් කැමති වෙයි. රාත‍්‍රියට නින්ද නොයයි. කුණ්ඩල ග‍්‍රහණියට උගුර රිදෙයි. කෙල වියළී යයි. ගල ග‍්‍රහණියට ලැපැත්ත වේලෙයි. කට කෙළ නැති වෙයි. දිය පිපාසය ඇතිවෙයි. සන්නි මුරුත්තා ග‍්‍රහණියට ඉස කකියයි. වමනය ඇති වේ. ඉක්කා ගසයි. රාත‍්‍රියට හීන දැක බිය ඇති වේ. මාංස ග‍්‍රහණියට එළවළු මාළු කෑම රිසි වෙයි. පැණිරස ආහාරයට ප‍්‍රිය කරයි. පිස්සු විකාර වෙයි. නිතරම අඬයි. මණ්ඩුකා ග‍්‍රහණියට රෝගියාගේ මුළු ඇඟ ගෙම්බෙකුගේ ඇඟ මෙන් දිස්වෙයි. පණු ග‍්‍රහණියට අතපය කෙට්ටුවේ. බඩ ලොකු වී බඩින් පණුවන් වැගිරෙයි.

මේ ග‍්‍රහණි රෝගයන්ට හාතවාරියා කොළ, බැවිල කොළ, මුරුවට ඉස අල්ලන්න. සුව නොවේ නම් දිවුල් කොළ තල සමඟ ඉස ගල්වන්න. ඒත් බැරි නම් සියඹලා බොර ඉස ගල්වන්න. මෙයටම තෝර කොළ එළකිරෙන් හෝ කොහොඹ කොළ එළකිරෙන් හිස ගල්වන්න. බැවිල කොළ, එළඔලිඳ කොළ, ඉඟිනි ඇට යන මේ තුන් වර්ගය එකට කොටා ඉස ගල්වන්න. තිරස්සවාලූ සුණු කොට සියඹලා කොළ ඉස්මෙන් දෙන්න.

* ශ‍්‍රීතල ග‍්‍රහණියට

ශුද්ද ජයපාල ඇට 10 ක්, එරඬු ඇට 10 ක්, ලෙලි හැර බැද ඉඟුරු කැබැල්ලක්, දැත්ත ඇට තුනක්, ලූනු බිකක්, සූදුරු හා මාදුරු එක්කොට දළුක් කිරෙන් අඹරා, ගුලි දහයක් වන සේ ගුලි කොට ගුලියක් උණු දියෙන් දෙන්න. මාත්තු හිසට ඇල්දිය වත්කරන්න. කාඩිබත් දෙන්න. දී කිරි මෝරු දෙන්න. සඳුන් දිය දෙන්න. කහ වතුර දෙන්න. දමිනිපට කොටා තැටියට දමා බඳ පිට තබනු. විල්නානුත් එසේමැ සොඬුපරත් තබන්න. පුහුල් දිය පොවන්න. තව බැරි නම් හිස උඩට වන්නට තබා මඬේ පීනවන්න. දළුක් පල්ලක් උණු අළුවෙන් පිස මිරිකා ලූණු දියෙන් දෙන්න. රත් තම්පලා ඇඹුල් හා දී කිරි හෝ ඉරමුසු මුළුමනින්ම ගෙන කොටා මිරිකා පොල්කිරෙන් මාත්තුවක් සේ දෙන්න.

* ඉදිමුම් ග‍්‍රහණියට

සඳුන් මල් කලඳක්, ඉරිවේරිය මුල් කලඳක්, සැවැන්න මුල් කලඳක්, වැල්මි කලඳක්. සපුකැකුළු කලඳක්, හොඳ තල කොළ අහුරක් යන මේ දැ සම සමව ගෙන අඹරා තුන් දිනක් හිසෙහි ගල්වන්න. පළමු දින වතුර කළ සියයක් වක්කරනු. දෙවනි දින වතුර කළ පනහක් වක්කරනු.

* මාන්දම් ගුලිය

කරාබු, වසාවාසි, සාදික්කා කැබලි, සූදුරු, මාදුරු, අසමෝදගම්, තිප්පිලි, කෘමිශත‍්‍රැ, සාදිලිංගම්, සිවංගුරු යන මෙකී දැ සම සේ ගෙනැ, ජයපාල කලං දෙකක් ගෙන එළඟිතෙලින් අඹරා උඳු ඇට පමණට ගුලි කර සෙවණේ වියළා තබා මාන්දමට ගිතෙලින් ද, පිත් මාන්දමට සීනියෙන්ද, ගල් මාන්දමට සියඹලා කොළ ඇඹුලෙන් ද කිරි අමියාවට කංසා පොඩියෙන් ද මාන්දම් සන්නියට ඉඟුරු යුසින් ද මාන්දම් දහඅටට උක්පැණියෙන් ද දෙන්න.

* ග‍්‍රහණි ගුලිය

නෙල්ලික්කාගෙන්දගම්, රසදිය, සූදුරු, මාදුරු, අසමෝදගම්, තිප්පිලි, සිද්දිගුරු, සුදුලූනු, මිරිස්. පුස්කර යන මේ ද්‍රව්‍ය කිරා ඒ බරට ශුද්ද ජයපාල බරක් ගෙන උණුදියෙන් අඹරා ඉඹුල් ඇට පමණ ගුලි කොට සෙවණේ වියළා තබා හුනුසාල් බතින් දෙන්න. නැත්නම් හකුරුත් සමඟ දෙන්න. සියඹලා බොරෙන් දෙන්න. බඩ ගසා යයි. ග‍්‍රහණියට අත්දුටු බෙහෙතකි.

* මහ පණුවනට

සිද්දිඟුරු, සුදුදුරු, අරලූ, කෘමිශත‍්‍රැ. පිල මුල්, මුරුංගා මුල්, සැබෝ මුල්, සාදික්කා, කරාබු, මිරිස්. මේවා කළඳ බැගින් ගෙන සවිඳ ලූණු කලඳක් දමා, මේ සැම බරට බටකිරිල්ල කොළ ගෙන, කොටා, මෙකී බේත් එකට දමා කුඩු කොට බිලාලපාදයක් මීපැණියෙන් දියකර දෙන්න. බඬේ පණුවන් ඉගිල යයි.

* පණුවන් හැලීමට

වළඟසාල්, සාදික්කා, කරාබු, පෙරුංකායම්, වසාවාසි, තිප්පිලි, සුදුදුරු, සුදුලූනු, අරළු, නෙල්ලි, මිරිස්, සිද්දිඟුරු, අසමෝදගම්, දැත්ත, ත‍්‍රස්තවාලූ, බටකිරිල්ල දළු, ඇහැළ දළු යන මෙකී දැ සම සේ ගෙන අඹරා කුඩුකර බිලාල පාදයක් ගෙන මීපැණියෙන් දෙන්න. උණුදිය බීමට දෙන්න. පණුවන් ඉගිලැ සියලූ ග‍්‍රහණි රෝග ගුණ වේ.

අත්දුටු බේතකි.

balangoda2
advertistmentadvertistment
advertistmentadvertistment