ගාන්ධි මැරුවේ ඇයි චිත‍්‍රපටය  තහනම් කිරීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රතික්ෂේප කරයි

446

‘ඇයි මම මහත්මා ගාන්ධි මැරුවේ’ යන ඉන්දීය චිත‍්‍රපටය තහනම් කිරීම එරට ශ්‍රේෂ්ඨාධිකරනය ප‍්‍රතික්‍ෂේප කර ඇත.

 ගාන්ධිතුමාව ඝාතනය කළේ නාතුරාම් ගොඞ්සේ නමැති හින්දු අන්තවාදියායි. මේ චිත‍්‍රපටය තහනම් කරන ලෙස සමස්ත ඉන්දීය සිනමා ශිල්පීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා තිබේ.

 අශෝක් ත්‍යාගි  නිර්මාණය කළ මෙම ගාන්ධි චිත‍්‍රපටිය නිපදවූයේ කල්යානි සිං නමැති නිෂ්පාදක වරයාය.

 මෙම ඝාතනයට සම්බන්ධ ගොඞ්සේ අන්තවාදී ආර්. එස්. එස්. සංවිධානයේ ක‍්‍රියාකාරියකු බව නව ග‍්‍රන්ථයකින් සනාථ වී ඇත.

 සංස්කරණය – කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment