ගාම්භීර් තක්බීර් වෙයි  

5187

මෙවර ආසියානු ක්‍රිකට් තරගාවලියේ විස්තර විචාරකයකු වශයෙන් එක්ව සිටින ගෞතම් ගාම්භීර් මේ දිනවල ඉන්නේ තමන් කියපු වචන ආපසු ඇද ගන්නට බැරි අසරණ තත්ත්වයක. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයකුද වූ ගෞතම් ගාම්භීර් මේ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සම්බන්ධයෙන් මෙසේ පවසා තිබුණා.

‘ආසියානු කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කුසලාන දිනාගත් කණ්ඩායම් අතර දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබීම පුදුමය දනවන කාරණයක්.

මෙවර තරගාවලිය යටතේ පැවැති පළමු තරගයේදී ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකාව ලද අනපේක්ෂිත පරාජයෙන් පසුව ගාම්භීර් කළ ඒ ප්‍රකාශය දැන් ආන්දෝලනයට පත් වෙලා. තරගාවලියේ විස්තර විචාරකයකු වශයෙන් එක්ව සිටින ඔහු එවැන්නක් නොකියා සිටියා නම් තමයි හොඳ කියා දැන් ඔහුටම තේරිලා. මෙතෙක් පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි 14ක් අතුරින් ඉන්දියාව 07 වරක් සහ ශ්‍රී ලංකාව 05 වරක් ශූරතාවට හිමිකම් කියා තිබුණත් ගාම්භීර් එහි ගරුත්වය ශ්‍රී ලංකාවට දුන්නේ නැහැ. අන්තිමේදී ශ්‍රී ලංකාව ඉන්දියාවත් පරාජය කළා. ඊට පෙර බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය පරාජය කළා. ඉන්දියාව පරාජය කළ ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට පිවිසීමට අවශ්‍ය වූ සුදුසුකම්වලින් බොහොමයක් සම්පූර්ණ කළා. එහි අනෙක් පැත්ත ලෙස ඉන්දියාව පකිස්තානයට සහ ශ්‍රී ලංකාවට පරාද වුණා. අවසන් තරග වරම්ද ඉන්දියාවෙන් බොහෝ දුරට ඈත් වුණා.

කුෂාන් සුබසිංහ ඩුබායි සිට

advertistmentadvertistment
advertistmentadvertistment