ගාමිණි ෆොන්සේකා මහතාගේ 18 වැනි ගුණ සැමරුම

195

සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා මහතාගේ 18 වැනි ගුණ සැමරුම හා ඊට සමගාමීව සත්වැනි වරටත් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහන කොළඹ 05, නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේදී සිකුරාදා (30) පැවැත්වුණි. මෙහිදී පුංචි බබා, ගැටවරයෝ සහ සාරවිට යන චිත්‍රපටි අධ්‍යක්‍ෂණය කළ ප්‍රවීණ අධ්‍යක්‍ෂ තිස්ස ලියනසූරිය, එලෙසම ප්‍රවීණ ශබ්ද පරිපාලක ජෝර්ජ් මනතුංග හා රංගන ශිල්පී සඳුන් විජේසිරි යන මහත්වරු සම්මානයට පාත්‍ර වූහ.

ඒම අවස්ථාවේදී සිනමා ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් මෙන්ම මෙම සැමරුම් මාලාවට මූලික දායකත්වය අඛණ්ඩව ලබාදුන් කලාකරුවන් කීපදෙනකු සඳහා ගාමිණි ෆොන්සේකා සැමරුම් සම්මාන ප්‍රදානය කරනු ලැබීය. ගාමිණි ෆොන්සේකා සූරීන් ජීවත්ව සිටියදී මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා හා හෙළ නිළි රැජින මාලිනී ෆොන්සේකා මහත්මිය සමග කළ සම්මුඛ සාකච්ඡා ඇතුළත් isuralakithanissanka යූ ටියුබ් නාලිකා මුදා හැරීමද මෙහිදී සිදුවුණි. රංගන ශිල්පී සඳුන් විජේසිරි මහතාට තිස්ස ලියනසූරිය හා ජෝර්ජ් මනතුංග යන මහත්වරුන් අතින් සම්මානය ප්‍රදානය සිදු කෙරිණි. මෙම ගුණ සැමරුමේ කැඳවුම්කරු කලා භූෂණ හා දේශමාන්‍ය අශෝක සෙනරත් මුදලිගේ මහතාද ඡායාරූපයේ සිටී. ලේ දන්දීමේ වැඩසටහනේ අවස්ථාවක්ද දැක්වේ.

සටහන ධම්මික සල්වතුර
සටහන හා ඡායාරූප ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment