ගාමිණී සමරු දිනට මෙවරත් රුධිරය දන්දෙයි

71

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සූරීන්ගේ 18 වන ගුණානුස්මරණය යෙදෙන ලබන සැප්තැම්බර් 30 වැනිදා උදේ 9.00 සිට සවස 3.00 දක්වා කොළඹ 5 නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේදී සිදුකරන බව එහි කැඳවුම්කරු වන ප්‍රවීන නාට්‍යවේදී දේශමාන්‍ය අසෝක සෙනරත් මුදලිගේ ‘දිවයින සිනමා කලා’ සංග්‍රහයට කීය.

7 වන වරටත් මෙම පිංකම පැවැත්වෙනුයේ අප අතරින් සමුගත් ගාමිණී ඇතුළු සිය කලාකරුවන් සංගීත ක්‍ෂේත්‍රයේ ජනමාධ්‍ය හා රණවිරුවන් හා ඔවුනගේ දෙමාපියන් සිහකර බවද ඔහු කීය. 0776530241, වෙතින් ද මේ පිළිබඳව ඔබට දැනගත හැකිවේ.

එමෙන්ම අසෝක සෙනරත් මුදලිගේ එදා මෙහෙයවූ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සහ නිළි රැජන මාලනි ෆොන්සේකා සමග අග්‍රගන්‍ය නළු ගාමිණී ජීවත්ව සිටියදී කළ පිළිසඳර එදිනම Isura Lakshitha
Nissanka යූ ටියුබ් නාලිකාව ඔස්සේ අනාගත පරපුරට මුදාහැරීමට ද නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment