ගාල්ලට කඩුලූ 7 ක ජයක් – නැෂනල් සුපර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය

131

නැෂනල් සුපර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය යටතේ සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ පැවති ගෝල් කණ්ඩායම සහ ජැෆ්නා කණ්ඩායම අතර තරගයෙන් කඩුලූ 7 ක ජයක් වාර්තා කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. ජැෆ්නා දෙවැනි ඉනිම ලකුණු 224 කට සීමා වීමත් සමඟ ජයග‍්‍රහණය සඳහා වූ ලකුණ 35 ක ඉලක්කය කඩුලූ 3 ක් පමණක් දැවී රැුස් කර ගැනීමට ගෝල් කණ්ඩායම සමත්විය.

 ජැෆ්නා මුල් ඉනිමේ රැුස්කළ ලකුණු 254ට පිළිතුරු ලෙස ගෝල් පළමු ඉනිමේ කඩුලූ 9කට ලකුණු 444ක් ලබා ප‍්‍රථම ඉනිමේ ද ඉදිරියෙන් සිටියේය. තෙවන දින නිමවන විට දෙවන ඉනිමේදී කිසිවකු නොදැවී ලකුණු 43ක් ලබා සිටියත් ජැෆ්නා කණ්ඩායමට තරගයේ අවසාන දිනය වූ පෙරේදා (20 වැනිදා) දිනයේදී දෙවන ඉනිමේ පිතිකරුවන් දස දෙනාම දැවී රැුස් කරන්නට හැකි වූයේ ලකුණු 181ක් පමණි.

 ජැෆ්නා දෙවන ඉනිමද අඩු සංඛ්‍යාවකට (224* දැවී යෑමට මුල් වූයේ ලක්ෂාන් මධුශංක (49/3) චානක රුවන්සිරි (29/3* සහ සුමිඳ ලක්ෂාන්ගේ (53/2) දක්ෂ පන්දු යැවීමය. ජැෆ්නා දෙවන ඉනිමේ ලකුණු අතර සිටි පිතිකරුවන් වූ ජනිත් ලියනගේ ලකුණු 72ක් ද (පන්දු 105 යි හතරේ හතයි හයේ එකයි* නිෂාන් මධුෂ්ක ලකුණු 45ක් ද  (පන්දු 82 හතරේ තුනයි* නවෝද් පරණවිතාන ලකුණු 36ක්ද (පන්දු 48 යි හතරේ තුනයි* සංතුෂ් ගුණතිලක ලකුණු 28ක්ද (පන්දු 28 යි හතරේ හතරයි හයේ එකය) රැස් කළහ.

 ලකුණු විස්තරය

 ජැෆ්නා පළමු ඉනිම 254 පන්දු වාර 83.5 – (නුවන් ප‍්‍රදීප් නොදැවී 37, නවෝද් පරණවිතාන 34, නිශාන් මධුෂ්ක 29, කල්හාර සේනාරත්න 29, සංතුෂ් ගුණතිලක 28, සමිඳ ප‍්‍රනාන්දු 27, සුමිඳ ලක්ෂාන් 28/4, දිල්ෂාන් මධුෂ්ක 51/3*

 ගෝල් පළමු ඉනිම කඩුලූ 9ට 444 පන්දු වාර 114.5යි – (සංගීත් කුරේ 160, පබසර වඩුගේ 108, සුමිඳු ලක්ෂාන් 57, හෂාන් දුමිඳු 34, චානක රුවන්සිරි 29, ශෂික දිල්ෂාන් 146/4, ජනිත් ලියනගේ 53/3යි*

 ජැෆ්නා දෙවන ඉනිම සියල්ල දැවී 224 පන්දු වාර 54.2 යි – (ජනිත් ලියනගේ 72, නිශාන් මධුෂ්ක 45, නවෝද් පරණවිතාන 36, සංතුෂ් ගුණතිලක 2, දුනිත් වෙල්ලාලගේ 21, දිල්ශාන් මධුශංඛ 49/3, චානක රුවන්සිරි 29/3, සුමි`ද ලක්ෂාන් 53/2*

 ගෝල් දෙවන ඉනිම කඩුලූ 3ට 38 පන්දු වාර 7 යි – (හසාන් දුමිඳු නොදැවී 16, විෂාඞ් රන්දික නොදැවී 08, දුනිත් වෙල්ලාලගේ 17/2*

advertistmentadvertistment
advertistmentadvertistment