ගාල්ලෙන් මේ වසරේ ඒඩ්ස් රෝගීන් 33ක්

103

ගාල්ල මහමෝදර හා බලපිටිය යන රෝහල්වල පිහිටි ලිංගාශ්‍රිත බෝවන රෝග ඒකක මගින් සිදුකරනු ලැබූ පරීක්ෂණවලදී මෙම වර්ෂයේ, මේ දක්වා කාලය තුළ එච්. අයි. වී (ඒඩ්ස්) රෝගීන් 33 දෙනකු හමුවී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ, වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි මහතා පවසයි.

ගාල්ල මහමෝදර රෝහලේ පිහිටි ලිංගාශ්‍රිත බෝවන රෝග ඒකකය මගින් සිදුකරනු ලැබූ පරීක්ෂණවලදී එච්. අයි. වී. රෝගීන් 30 දෙනකු සහ බලපිටිය ලිංගාශ්‍රිත බෝවන රෝග ඒකකය මගින් සිදුකරනු ලැබූ පරීක්ෂණවලදී ඒඩ්ස් රෝගීන් 03 දෙනකු හමුවී ඇති බව ද හෙතෙම පවසයි. ඉකුත් වර්ෂයට වඩා මෙම වර්ෂයේදී එච්. අයි. වී. රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ඇති බව ද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පෙන්වා දෙයි.

එමෙන්ම මේ වර්ෂයේ මේ දක්වා කාලය තුළදී ක්ෂය රෝගීන් 296 ක් හා ලාදුරු රෝගීන් 51 දෙනකු වාර්තා වී ඇති බව ද වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment