ගාල්ලේ එළවළු ව්‍යාපාරිකයා ලක්ෂ 12 ක බඩු නොමිලේ බෙදයි

244

 කොරෝනා වසංගත තත්ත්වය නිසා ආදායම් අහිමිව පීඩාවට පත්ව සිටින පවුල් සඳහා ගාල්ල දෙවටේ එළවළු ව්‍යාපාරිකයකු විසින් ලක්ෂ දොළහක් පමණ වටිනා එළවළු පාර්සල් තොගයක් ඊයේ (23දා) බෙදාදෙන ලදී.
 
 මෙහිදී ග‍්‍රාම සේවා වසම් පහක පවුල් 2500 ක් මෙම එළවළු පාර්සල් පරිත්‍යාගය ලැබූහ.
 
 මෙම උතුම් කාර්ය සිදු කරනු ලැබුවේ ගාල්ල දෙවට කටුගොඩ එච්.ආර්. උභය නන්දන මහතා විසිනි. මෙහි විශේෂත්වය වූයේ ග‍්‍රාම සේවා වසම් පහක පදිංචි සිංහල, මුස්ලිම්, දෙමළ යන සියලූම පවුල් සඳහා මෙම එළවළු පරිත්‍යාග කිරීමයි.
 
 මෙම අවස්ථාවට දෙවට විජිතාරාමයේ විහාරාධිකාරී සමාධිගම ජිනානන්ද හිමියන් සමග වරාය පොලිසියේ පොලිස් පරීක්ෂක කීර්ති මහතා ඇතුළු ග‍්‍රාම නිලධාරිවරුන් පිරිසක් ද එක්ව සිටියහ.

 අහංගම – සුගතපාල දීයගහගේ, වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment