ගාල්ලේ ජනප‍්‍රිය පිරිමි විදුහලක හිටපු විදුහල්පති ලක්ෂ 21 ක් පිල්ලි ගහලා

621

වත්මන් විදුහල්පතිගෙන් පැමිණිල්ලක්

ගාල්ලේ ජනප‍්‍රිය පිරිමි විදුහලක හිටපු විදුහල්පතිවරයා විසින් පාසල් සංවර්ධන සමිතියේ මුදල් රුපියල් විසිඑක් ලක්ෂ පනස්හයදහස් දෙසීයක් (2156200) වංචාකර ඇති බවට වත්මන් විදුහල්පතිවරයා විසින් ගාල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයට ඊයේ (26) පැමිණිලි කරන ලදී.

විදුහල්පතිවරයාගේ පැමිණිල්ලේ සඳහන්ව වන්නේ හිටපු විදුහල්පතිවරයා 2018 සිට 2020 දක්වා කාලය තුළ පාසල් සංවර්ධන සමිතියේ ගිනුමින් මෙසේ මුදල් වංචාකර ඇති බවය. පාසලේ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සේවයේ නියුතු සංවර්ධන සහකාර නිලධාරිණියක් ලවා නියමිත මුදලට චෙක්පත් ලියා පසුව එහි අගට හෝ මුලට තවත් අංකයක් එකතු කොට අගය වැඩිකොට මෙම වංචාව සිදුකර තිබේ.

වත්මන් විදුහල්පතිවරයා වැඩ බාර ගැනීමෙන් පසුව ගිණුමේ පොත් පරීක්ෂා කිරීමේදී මෙම වංචාව අනාවරණය වීමෙන් පසු පොලිසියට පැමිණිලි කරන ලදී. සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් පරීක්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

අහංගම සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment