ගාල්ලේ නිවසක සිටි  ජර්මන් කතක්  අභිරහස් ලෙස මරුට

209

ගාල්ල, මැටරඹ ප්‍රදේශයේ පෞද්ගලික නිවසක සිටි ජර්මන් ජාතික විදේශීය කාන්තාවක් නිවස තුළදී අභිරහස් ලෙස මියගොස් ඇති බැව් හබරාදුව පොලිසිය පවසයි.

මියගිය විදේශීය කාන්තාව 60 හැවිරිදි වියේ පසුවන අයකු වන අතර ඇය මෙම නිවසේ තනිව පදිංචිව සිට ඇත. මෙකී ජර්මන් ජාතික කාන්තාව වරින් වර ජර්මනියට ගොස් මෙරටට පැමිණ මෙකී නිවසේ ගතකොට ඇති බව පොලිසිය පවසයි. ඇය අවසන් වතාවට ජර්මනියේ සිට මීට සති දෙකකට පමණ ඉහතදී මෙරටට පැමිණ ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මියගිය විදේශීය කාන්තාවගේ මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා ඊයේ (20 දා) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන යෑමට නියමිතව තිබුණි. හබරාදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල
 

advertistmentadvertistment
advertistmentadvertistment