ගාල්ලේ පීඩිත ජනතාවට  අරගලකරුවන්ගෙන් උපහාර

278

ලෝක කම්කරු දිනය යෙදී තිබු ඊයේ (01 දා) ගාල්ල ගෝඨාගෝගම අරගල භූමියේ අරගලකරුවන් විසින් ගාල්ල නගරයේ කැළිකසල එකතු කරන කම්කරුවන්, සපත්තු මහන්නන්, ත්‍රිරෝද රථ හා බස්රථ රියදුරන් ඇතුළු විවිධ කණ්ඩායම් සඳහා මල්මාලා පළඳවා උපහාර පුදකරණු ලැබීය.

කම්කරු දිනයේ දී කිසිදු උපහාරයක් නොලබන මෙම කණ්ඩායම් සඳහා මල් මාලා පළඳවා උපහාර දැක්වීමට කටයුතු කළ බව අරගලකරුවන් පවසති. මෙකී කණ්ඩායම් සඳහා කිරිබත් සමග තේ පැන් සංග්‍රහයක් ලබාදීමටද අරගලකරුවෝ කටයුතු කළහ.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල, හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment