ගාල්ලේ විරෝධතා අට්ටාල වැඩිවේ

341

ජනාධිපතිවරයාට හා රජයට ඉවත්වන ලෙස ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතාවයට සහායපලකරමින් ගාල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිට ආරම්කරණු ලැබු විරෝධතාවය සදහා ඉදිකර තිබු අට්ටාලය පොලිසිය මගින් ඉවත් කිරිමෙන් පසු විරෝධතා භුමියේ අට්ටාල තුනක් ඉදිකිරිමට විරෝධතාකරුවන් කටයුතු කරණු ලැබිය.

විරෝධතාකරුවන් මෙකි සිද්ධියෙන් පසු දැඩි උද්යෝගයෙන් යුතුව විරෝධතාවයේ නිරතවුහග ඔවුන්ට සහයෝගය ලබාදිම සදහා සිවිල්ක්‍රියකාරින්ලකලාකරුවන් ල පොදු ජනතාව ඇතුළු විශාල පිරිසක් ඊයේ (17) රාත්‍රි විරෝධතා භුමිය වෙත පැමිණ සිටියහග ගිත ගායනා කරමින් විවිධ නිර්මාන ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයාට හා රජයට වහා ඉවත්වන ලෙස විරෝධතාකරුවන් විරෝධතාවයේ නිරතව සිටිති.

ගාල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිට ඉකුත් 15 වැනිදින පස්වරුවේ සිට ගෝඨාගෝගමේ ගාල්ල ශාඛාව අඛණ්ඩ විරෝධතාවයක් ආරම්භ කරණු ලැබිය.

එහි ඉදිකොට තිබු කුඩාරම ඉවත් කිරිමට ගාල්ල පොලිසියේ නිලධාරින් විසින් කටයුතු කරණු ලැබියග ඒ සමග පොලිසිය හා විරෝධතාකරුවන් අතර ගැටුමක් ඇතිවියග පසුව විරෝධතාකරුවන් පොලිසියට විරෝධය පලකරමින් මෙකි ස්ථානයේ විරෝධතාවයක් ද ආරම්භ කරණු ලැබිණ.

ගාල්ල නිතිඥ සංගමයේ නිතිඥයින් විසින් මේ සම්බන්දව පොලිසියට කරුණු දැක්විමෙන් පසු ගලවාගෙන ගිය අට්ටාලය යලි විරෝධතාකරුවන්ට ලබාදිමට පොලිසිය විසින් කටයුතු කරණු ලැබිය.

advertistmentadvertistment
advertistmentadvertistment