ගාල්ලේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලයි

155

සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් ගාල්ල හැව්ලොක් පාරේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා ගණිකා සේවයේ යෙදී සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද කාන්තාවන් හතර දෙනා සහ එහි කළමනාකාරු 07 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට බන්ධනාගාර මගින් ඔවුන්ගේ සමාජ රෝග වාරතාවක් කැඳවීමට ගාල්ල වැඩබලන මහෙස්ත්‍රාත් ලලිත් පතිරණ මහතා නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ අහංගම, මිහිරිපැන්න, මාතර, ගිරිබාව යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 23,32,33, 43 යන වයස්වල පසුවන කාන්තවන් හතර දෙනකු සහ කළමනාකරුවන මාතලේ රත්තොට පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.

වලාන දූෂණ මර්දන ඒකකය භාර සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක චතුරංග, සැරයන්වරුන් වන කමලසිරි (28777) කොස්තාපල්වරුන් වන අමිල (92905) සෙනවිරත්න (90907) බණ්ඩාර (96503) රශ්මික (90305) කාන්තා කොස්තාපල්වරියන් වන රිගරි (13090) අමිතා (13103) යන මහත්ම මහත්මීන් විසින් මෙම වැටලීම කර අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ගාල්ල පොලිසියට භාරදී තිබිණ.

ගාල්ල පොලිසියේ දූෂණ මර්දන අංශයේ සැරයන් මදනායක (14353) මහතා සහ කාන්තා කොස්තාපල් සමන්මලී (7040) මහත්මිය විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

අහංගම – සුගතපාල දීයගහගේ

 

advertistmentadvertistment
advertistmentadvertistment