ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට වෛද්‍යවරුන් 100ක් නැහැ

410


ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් 100 දෙනෙකුගේ පමණ හිගයක් පවතින බවත් මෙම තත්වය නිසා රෝගි සත්කාරක සේවා පවත්වාගෙන යාමේ දි ගැටළු රැසක් ඇති වි තිබෙන බවත් රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
වෛද්‍යවරුන්ගේ හිගය හේතුවෙන් රෝහල තුල අලුතෙන් ඉදිකරණු ලැබු ශල්‍යාගාරයක් හා දැඩි සත්කාරක ඒකකය භාවිතයට ගැනිමට නොහැකි තත්වයක් උදාවි ඇත. කරාපිටිය ශික්ෂණ රෝහල සදහා වෛද්‍යවරු 556 දෙනෙකු අවශ්‍ය වුවත් දැනට සිටින්නේ වෛද්‍යවරු 460 දෙනෙකු බවද රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. වෛද්‍යවරුන්ගේ හිගය හේතුවෙන් ඇතැම් සායනික අංශ පවත්වාගෙන යාමේ දි ගැටළු ඇතිවි තිබෙන අතර මෙම තත්වය නිසා රෝගින් ද දැඩි දුෂ්කරතාවයන්ට හා අපහසුතාවයන්ට මුහුණ දෙති.
මේ පිළිබද ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය එස්.පි.යු.එම්. රංග මහතාගෙන් අප කළ විමසුමකදී මෙසේ පැවසීය.
වෛද්‍යවරුන් 100 දෙනෙකුගේ පමණ හිගයක් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ප්‍රමාණවත් තරම් වෛද්‍යවරුන් ලබා නොදිම තමයි මෙම තත්වයට හේතුවෙලා තියෙන්නේ. ඉල්ලන වෛද්‍යවරු සංඛ්‍යාව අමාත්‍යංශය මගින් ලබා දෙන්නේ නැහැ. එමෙන්ම විභාග සමත්වෙලා ඇතැම් වෛද්‍යවරු විදේශගතවිමත් මේ සදහා තවත් හේතුවක් . වෛද්‍යවරුන් නොමැතිකම නිසා අලුතෙන් ඉදිකොට ඇති ශල්‍යාගාරයක් හා දැඩි සත්කාර ඒකකයක් විවෘත කිරිමට නොහැකි වෙලා තියෙනවා. ඇතැම් අංශවල විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිගයක් තියෙනවා. නමුත් එය එතරම් බලපැමක් නැහැ.

advertistmentadvertistment
advertistmentadvertistment