ගාල්ල කලාප 2 සහ ගාල්ල කලාප 3 අතර තරගය ලකුණු සමයි

73

දිස්ත්‍රික්ක 25 ක කණ්ඩායම් 39 ක සහභාගිත්වයෙන් පැවැත්වන වයස අවුරුදු 19 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය යටතේ ගාල්ල කලාප 2 සහ ගාල්ල කලාප 3 අතර තරගය තියුණු සටනකින් අනතුරුව ලකුණු සමව අවසන් විය. මෙය මෙවර තරග වාරයේ ලකුණු සමව අවසන් වුණු දෙවැනි තරගය වන අතර මීට පෙර අම්පාර සහ මඩකලපුව අතර තරගය ලකුණු සමව අවසන් විය.

කරන්දෙණිය යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ගාල්ල කලාප 2 කණ්ඩායම පන්දුවාර 42 කදී සියලු දෙනා දැවී ලකුණු 165 ක් රැස් කර ගත්තේය. ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී ගාල්ල කලාප 3 කණ්ඩායමට තරගය ජය ගැනීමට හොඳින්ම අවකාශ තිබුණ ද අංක 9 පිතිකරු ලෙසින් හොඳින් පන්දුවට පහර දෙමින් සිටි චානක ජනංගව දුවද්දී දවා ගැනීමට හසු කරගත් ගාල්ල කලාප 2 ක්‍රීඩකයෝ තරගය සමව අවසන් කරගත්හ.

පැතුම් ශමින්ද විසින් පන්දුව රැගෙන කඩුල්ලටම එල්ල කිරීමෙන් ජනංග ලකුණු 32 කට දුවද්දී දැවී යන විට ගාල්ල කලාප 3 කණ්ඩායමේ ඉනිම ද පන්දුවාර 47.5 කදී ලකුණු 165 කට සීමා විණ. එම හඹා යෑමේදී පළමු කඩුලු 6 ම ලකුණු 36 කදී දවා ගැනීමට ගාල්ල කලාප 2 පන්දු යවන්නන් සමත් වුවත්, 7 වැනි සහ 8 වැනි කඩුලුවලට එක් වුණු ෂෙහාන් රශ්මික (23), ධනුෂ්ක මදුශංක (46) සහ චානක ජනංග ගාල්ල කලාප 3 කණ්ඩායම අවසානය දක්වා රැගෙන ගියහ.

මේ අතර බදුල්ල කණ්ඩායමට එරෙහි තරගයේදී රත්නපුර කණ්ඩායමට එරෙහිව පහසු ජයක් වාර්තා කිරීමට අවස්ථාවක් හිමි වුවත් බදුල්ල කණ්ඩායමේ චතුම් ලක්ප්‍රිය කඩුලු 6 ක් දවා ගැනීමට සමත්වීම සමඟ එම අවස්ථාව රත්නපුර කණ්ඩායමෙන් ගිලිහී ගියේය.

ගාල්ල කලාප 2 සහ ගාල්ල කලාප 3 අතර තරගය සමයි

ගාල්ල කලාප 2 පන්දුවාර 42 කදී සියලු දෙනා දැවී ලකුණු 165 යි – (තරින්ද නිර්මාල් 63, ඉරුෂික තිරමිර 43, කවීෂ ඉඳුරුව 14, ධනුෂ්ක මදුශංක 34/3, පැතුම් මලිත 25/2, සෙනිත හැළඹගේ 23/2, රිවිෂාන් නෙත්සර 27/2)

ගාල්ල කලාප 3 පන්දුවාර 47.5 කදී සියලු දෙනා දැවී ලකුණු 165 යි – (ෂෙහාන් රශ්මික 23, ධනුෂ්ක මදුශංක 46, චානක ජනංග 32, කවීෂ කල්පන 11, කවීෂ ඉඳුවර 13/3, ඉරුෂ්ක තිමිර 20/2, තරින්ද නිර්මාල් 44/2)

බදුල්ලට ලකුණු 27 ක ජයක්

බදුල්ල පන්දුවාර 35.4 කදී සියලු දෙනා දැවී ලකුණු 108 යි – (කුෂාන් හර්ෂණ 10, එසිත ගිම්හාන් 19, චතුම් ලක්ප්‍රිය 10, විහාර අත්තනායක 08/4, රුවිදු දිදුලක 13/3, චානුක ධනංජය 28/2)

රත්නපුර පන්දුවාර 34.1 කදී සියලු දෙනා දැවී ලකුණු 81 යි – (තුහින අනුවන් 38, දිනෙත් මදුරංග 12, චතුම් ලක්ප්‍රිය 31/6, සෙනාර දිලීප් 12/2)

මහනුවර කලාප 1 ට ලකුණු 160 ක ජයක්

කැන්ඩි කලාප 1 පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුනු 279 යි – (කුසල් විජේතුංග 56, රහල් අමරසිංහ 30, සුපුන් වඩුගේ 65, විබවිත් ඇහැලේපොල 29, ලක්වින් අබේසිංහ 54, මසිත් ප්‍රහර්ෂ 52/4, ඒ.සී, දිනෙත් 60/2, අරූෂ මෙන්ඩිස් 34/2, මසිත් ප්‍රහර්ෂ 52/4)

අම්පාර පන්දුවාර 40 කදී සියලු දෙනා දැවී ලකුණු 119 යි – (තිලිණ පූර්ණිම 37, එෆ්. එම්. සහීෆ් 20, අරූෂ මෙන්ඩිස් 14, මසිත් ප්‍රහර්ෂ 16, ජයවි ලියනගම 32/4, දිනුක තෙන්නකෝන් 27/3)

මහනුවර කලාප 3 ට ලකුණු 75 ක ජයක්

මහනුවර කලාප 3 පන්දුවාර 50 කදී සියලු දෙනා දැවී ලකුණු 252 යි – (මලිත් ලක්ෂාන් 88, කනක වික්‍රමසිංහ 37, ශාමාල් ප්‍රීයභාෂණ 26, කවිජ ගමගේ 62, යෝගරාජ් ටිෂෝන් 32/3)

මඩකලපුව පන්දුවාර 41. කදී සියලු දෙනා දැවී ලකුණු 177 යි – (එම්. රිෆාස් 11, එම්. එස්. වසීම් 17, නිතියා තර්ෂාන් 53, යෝගරාජා ටිෂෝන් 15, එෆ්. එම්. අෆ්නික් 41, ෂෙවාන් කනිශස් 30/3, කවිශ්ක ඉමේස් 43/2, අකිල වික්‍රමසිංහ 30/2)

advertistmentadvertistment
advertistmentadvertistment