ගාල්ල තවලම ඩීසල් පෝලිමේ තවත් මරණයක්

266

ගාල්ල තවලම ඉන්ධන පිරවුම් හලෙන් ඩීසල් ලබාගැනීමට පැමිණ පෝලිමේ රැඳී සිටි දෙදරු පියකු ඊයේ (11දා) උදෑසන මියගොස් ඇති බව හිනිදුම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ තවලම, හබරකඩ, බදුවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පබගොඩ පතිරණගේ ප්‍රසන්න තිලක් කුමාර නමැති 43 හැවිරිදි පුද්ගලයෙකි.

ඊයේ අලුයම 03.30ට පමණ මියගිය පුද්ගලයා තමාට අයත් ඩිමෝ ලොක්කා වර්ගයේ ලොරිය තෙල් පෝලිමේ නවතාගෙන සිට ඇති අතර උදෑසන 06.30ට පමණ හිතවතුන් පිරිසක් එම ලොරිය පරීක්ෂා කරන විට ඔහු ලොරිය තුළ මියගොස් ඇති බවට අනාවරණය වී තිබේ. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර හිනිදුම පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්, ගාල්ල – ලලිත් චාමින්ද, එස්.කේ. කළුආරච්චි
 

advertistmentadvertistment
advertistmentadvertistment