ගාල්ල පරදා නුවර දෙවැනි ජයත් ලබයි

140

ජාතික සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතිය යටතේ කොළඹ පී. සරා ඕවල් පිටියේ පැවැති තරගයේදී මහනුවර පිලට එරෙහිව කඩුලු 10 ක ජයක් වාර්තා කිරීමට රමේෂ් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු ගාල්ල කණ්ඩායම සමත් විය.

මෙවර තරග වාරයේදී ගාල්ල කණ්ඩායම විසින් පිට පිටම වාර්තා කරන ලද දෙවැනි ජය ලෙසින් මෙම ජයග්‍රහණය සනිටුහන් වූ අතර තරගයේ සම්පූර්ණ දිනයක් ඉතිරිව තිබියදී ඔවුහු මෙම ජයග්‍රහණය ලබා ගත්හ.

ගාල්ල කණ්ඩායම අතින් පෙරේදා පරාජයට පත්වූ මහනුවර කණ්ඩායම සිය පළමු තරගයේදී කොළඹ කණ්ඩායමට එරෙහිව ඉනිමක සහ ලකුණු 279 ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට පළමු සතියේ දී සමත් වූයේය.

මෙම තරගයේදී මහනුවර දෙවැනි ඉනිම ලකුණු 198 කට සීමාවීම නිසා ගාල්ල කණ්ඩායමේ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 123 ක් වූ අතර කිසිවකු නොදැවී එම ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට ගාල්ල කණ්ඩායම සමත්විය. ගාල්ල කණ්ඩායම වෙනුවෙන් පළමු ඉනිමේදී ලකුණු 132 ක් රැස් කරගත් සංගීත් කුරේ දෙවැනි ඉනිමේදී ද ලකුණු 75 ක් ලබා ගනිමින් ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූවේය.

කැන්ඩි පළමු ඉනිම 290 – (උදයවංශ පරාක්‍රම 49, කසුන් විදුර 16, සඳුන් වීරක්කොඩි 76, අහන් වික්‍රමසිංහ 62, රවීන් යසස් 10, මොවින් සුබසිංහ 30, වනුජ සහන් 12, නිපුන් රංසික 12, කවිශ්ක අංජුල 56/2, අසංක මනෝජ් 31/4) සහ දෙවැනි ඉනිම 198 යි – (කසුන් විදුර 29, මොව්න් සුබසිංහ 27, සඳුන් වීරක්කොඩි 71, වනුජ සහන් 33, මොහොමඩ් ශිරාස් 26/3, ප්‍රවීන් ජයවික්‍රම 20/3)

ගෝල් පළමු ඉනිම 365 යි – (සංගීත් කුරේ 132, ලක්ෂාන් එදිරිසිංහ 70, ඇන්ජලෝ මැතිව්ස් 44, ධනංජය ලක්ෂාන් 16, විශාද් රන්දික 53, රමේෂ් මෙන්ඩිස් 10, මොහොමඩ් ශිරාස් 15, නිපුන් රන්සික 85/3, වනුජ සහන් 105/3) සහ දෙවැනි ඉනිම කිසිවකු නොදැවී ලකුණු 129 යි – (සංගීත් කුරේ 75, හෂාන් දුමිඳු 54)

advertistmentadvertistment
advertistmentadvertistment