ගාල්ල සමග අවසන් තරගයට ඒමට යාපනය සහ දඹුල්ල අද සටනට

208

2021 ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමග අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම සඳහා ජැප්නා කිංග්ස් සහ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේදී අද (21 දා) තරග වැදීමට නියමිතය.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නායක තිසර පෙරේරා විසින්ද, දඹුල්ල කණ්ඩායම දසුන් ශානක විසින් ද මෙහෙයවනු ලබයි. අද තරගයෙන් ජයගන්නා කණ්ඩායම අනිද්දා (23 දා) පැවැත්වෙන අවසන් මහා තරගයේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම හමුවීමට නියමිතය.

මෙවර තරගාවලියේදී සෙසු කණ්ඩායම් සමග පැවැති සෑම තරගයක්ම ජය ගත්තද, ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම හමුවේ සෑම තරගයක්ම පරාජයට පත්වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද දඹුල්ලට එරෙහි තරගයෙන් ජය ගැනීමට සියලූ ශක්තිය යොදවනු ඇත.

මෙවර තරගාවලියේ ප‍්‍රසාද දකුණු සටහනේ ඉදිරියෙන්ම සිටි ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තිසර පෙරේරා, වනිඳු හසරංග, රහමතුල්ලා ගුර්බාස්, වහබ් රියාස්, අවිශ්ක ප‍්‍රනාන්දු, ෂොයෙබ් මලික්, සුරංග ලක්මාල් යන දක්‍ෂ කී‍්‍රඩකයන්ගෙන් යුතු වේ.

දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම පසුගිය තරගයේදී නිරෝෂන් දික්වැල්ල විසින් මෙහෙයවන ලද අතර නිත්‍ය නායක දසුන් ශානක අද තරගයේදී කී‍්‍රඩා කිරීමට නියමිතව ඇත. ඔවුන් දෙදෙනාට අමතරව ජනිත් ලියනගේ, පිල් සේල්ට්, චාමික කරුණාරත්න, ඉම්රාන් තහීර්, නුවන් ප‍්‍රදීප්, නජිබුල්ලා සර්දාන් යන ප‍්‍රධාන කී‍්‍රඩකයෝ ජයන්ට්ස් කණ්ඩායමට බලාපොරොත්තු ලබාදී ඇත. කෙසේ වෙතත් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ ප‍්‍රධාන පන්දු යවන්නකු වන ජොස් ලිටල් ඇමෙරිකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන තරගාවලියට සහභාගි වීම පිණිස ඊයේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබිණි.

මේ අතර පෙරේදා (19 දා) පැවැති තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් විය.

එල්.පී.එල්. තරග ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව සියතට ගත් කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලකගේ ලකුණු 121 ක සම්බන්ධතාවත් නුවන් තුෂාරගේ සුපිරි පන්දු යැවීමත් හමුවේ ජැෆ්නා කිංග්ස් පිලට එරෙහිව එම ජය වාර්තා කිරීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට හැකි විය.

ග්ලැඩියේටර්ස් පිල හමුවේ ජැෆ්නා කිංග්ස් පිට පිට ලද තෙවැනි තරග පරාජය බවට ද පත්වූ අතර පන්දු 120 කදී ලකුණු 189 ක අභියෝගය හෙවත් පන්දුවාරයකට ලකුණු 9.40 කට වඩා වැඩි දළ වේගයක් රඳවා ගැනීමේ අභියෝගය ඇතිව පිටියට පිවිසි ජැෆ්නා කිංග්ස් පිතිකරුවන්ට ග්ලැඩියේටර් පන්දු යවන්නන් හමුවේ පන්දුවාර 16.5 කදී සියලූ දෙනා දැවී රැුස් කරගත හැකි වූයේ ලකුණු 124 ක් පමණි.

ප‍්‍රබල පිතිකරුවන් රැුසකගෙන් ජැෆ්නා පිල සමන්විත වුවත් රාමනුල්ලා ගුර්බාස් සහ අංක 7 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි වනිඳු හසරංග හැරුණු කොට සෙසු එකම පිතිකරුවකුට ලකුණු 10 සීමාවට ළඟා වීමට ග්ලැඩියේටර්ස් පන්දු යවන්නෝ අවස්ථාව ලබා නොදුන්හ.

පන්දු 37 කට මුහුණ දුන් ගුර්බාස් හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමඟින් ලකුණු 59 ක් ලබා සිටියදී නුවන් තුෂාරගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. නුවන් තුෂාර පන්දුවාර 4 නිලකුණු පන්දුවාරයක් ද සමඟින් ලකුණු 13 කට කඩුලූ 5 ක් ලෙසින් සටහන් කර ගත් අතර මෙය මෙතෙක් එල්.පී.එල්. තරග ඉතිහාසයේ පන්දු යවන්නකු කඩුලූ 5 ක් දවා ගත් තෙවැනි අවස්ථාව ලෙසින් ද සනිටුහන් විය.

තිසරගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ග්ලැඩියේටර්ස් පිල වෙනුවෙන් සාර්ථක ආරම්භයක් එක් කළ ගුණතිලක – මෙන්ඩිස් පන්දු 80 ක් තුළ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 121 ක සම්බන්ධතාවයක් පැවැත්වූ අතර එය එල්.පී.එල්. තරග ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වුණු ඉහළම ලකුණු සම්බන්ධතාවය ලෙසින් සටහන් විය. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියන ලද්දේ කලම්බු ස්ටාර්ස් පිලට එරෙහිව ලකුණු 110 ක සම්බන්ධතාවක් පැවැත්වූ ජැෆ්නා කිංග්ස් පිලේ ටොම් කොලර්-කැඞ්මෝර් සහ උපුල් තරංග විය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මෙන්ඩිස් 19 වැනි පන්දුවාරයේදී සිය ඉනිම නිමා කරන විට පන්දු 53 කට මුහුණ දී ලකුණු 85 ක් රැුස් කරගෙන සිටියේය. හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 කින් සිය ඉනිම සරසා ගත් දකුණත් ආරම්භක පිතිකරුවා රැුස් කර ගන්නා ලද්දේ සිය විස්සයි-20 තරග දිවියේ ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව විය. මෙවර එල්.පී.එල්. තරගාවලියේ දෙවැනි අර්ධ ශතකය බවට පත්වූ මෙම ඉනිමත් සමඟ මෙතෙක් තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගැනීමට ද මෙන්ඩිස් දැන් සමත්ව සිටියි. තරග 9 කට සහභාගිව සිටින මෙන්ඩිස් ප‍්‍රහාරක වේගය 150.00 ක් රඳවා ගනිමින් මුළු ලකුණු 288 ක් ලබා සිටියි.

පිතිකරණ පිළිවෙළේ උසස්වීමක් ලබමින් අංක 3 ස්ථානයෙන් පැමිණි අන්වර් අලී පන්දු 7 කදී ලකුණු 12 ක්ද නායක භානුක රාජපක්ෂ අවසන් පන්දු වාරය යැවූ වහාබ් රියාස්ට එරෙහිව පිට පිට එල්ල කරන ලද හයේ පහර 2 ත් සමඟ පන්දු 15 කදී වේගවත් ලකුණු 25 ක් ලබා ලකුණු පුවරුව ඉහළ දැම්මේය. ග්ලැඩියේටර් පිතිකරුවන් පන්දු යැවීමට පැමිණි සෑම ජැෆ්නා පන්දු යවන්නකුම පන්දුවාරයකට ලකුණු 8.5 කට වඩා වැඩියෙන් රැුස් කිරීමට සමත්වීම කැපී පෙනුණි.

තරගයේ වීරයා – කුසල් මෙන්ඩිස්

ලකුණු සාරාංශය

ගෝල් ග්ලැඩියේටර්ස් පන්දුවාර 20 කදී කඩුලූ 5 ක් දැවී ලකුණු 188 යි – (කුසල් මෙන්ඩිස් 85, ධනුෂ්ක ගුණතිලක 55, භානුක රාජපක්ෂ 25, අන්වර් අලී 12, වහාබ් රියාස් 39/2, තිසර පෙරේරා 36/2, සුරංග ලක්මාල් 29/1)

ජැෆ්නා කිංග්ස් පන්දුවාර 16.5 කදී සියලූ දෙනා දැවී ලකුණු 124 යි – (රාමනුල්ලා ගුර්බාස් 59, වනිඳු හසරංග 29, නුවන් තුෂාර 13/5, ඉසුරු උදාන 19/1, පුලින තරංග 13/1, අන්වර් අලී 03/1)

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment