ගාල්ල  සිව්වැනි ජය ලබයි – නැෂනල් සුපර් ලීග් කි‍්‍රකට් තරගාවලිය

121

ඩයලොග් නැෂනල් සුපර් ලීග් කි‍්‍රකට් තරගාවලිය යටතේ ඊයේ (13 වැනිදා* පැවැති යාපනය සහ ගාල්ල අතර තරගය ඩක්වර්ත් ලූවිස් න්‍යාය අනුව කඩුලූ 8කින් ජය ගැනීමට ගාල්ල කණ්ඩායම සමත්විය.

 මහනුවර පල්ලකැලේ

 කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයේදී ලකුණු 273ක ඉලක්කයක් හඹා යමින් සිටි ගාල්ල ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ලවීම මත ජයග‍්‍රාහි ඉලක්කය සහ පන්දු වාර ගණන අඩු කිරීමට විනිසුරුවෝ තීරණය කළහ. එ් අනුව හිමි වූ ලකුණු 197ක ඉලක්කය පන්දු 21ක් ඉතිරිව තිබියදී සපුරා ගැනීමට ගාල්ල පිතිකරුවෝ සමත්වූහ.

 ගාල්ල වෙනුවෙන් පබසර වඩුගේ පන්දු 70කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 92ක් සහ ධනංජය ලක්ෂාන් පන්දු 44කදී හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 70ක් වාර්තා කළේය.

 යාපනය වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් කී‍්‍රඩා කළ ධනංජය ද සිල්වා පන්දු 106කදී නොදැවී ලකුණු 109ක් රැුස් කළේය. එ් අනුව එය ධනංජය විසින් මෙම තරගාවලියේ රැුස් කළ දෙවැනි ශතකය ලෙසින් සටහන් විය.

 ළහිරු තිරිමන්න ලකුණු 85ක් ලබා ගත්තේය.

 මේ අතර ඊයේ දඹුල්ල කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ දඹුල්ල – මහනුවර තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම මත තරගය අතහැර දැමීමට සිදුවිය.

 ලකුණු සාරාංශය

 යාපනය පන්දු වාර 50කදී ලකුණු 272/5 යි

 ගාල්ල පන්දු වාර 21.3කදී 197/2යි

advertistmentadvertistment
advertistmentadvertistment