ගාල්ල සෙරෙප්පු කඬේ ගින්නෙන්  මෝටර් රථයකට සහ ලොරියකට හානි

209

ගාල්ල, කෝන්ගහ ප‍්‍රදේශයේ සෙරෙප්පු ගබඩාකර තිබූ කඩ කාමරයක ඇතිවූ ගිනි ගැනීමක් හේතුවෙන් ඒ අසල නතරකොට තිබූ මෝටර් රථයකට හා ලොරි රථයකට හානි වී ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි.

ගාල්ල සෙරෙප්පු කඬේ ගින්නෙන්  මෝටර් රථයකට සහ ලොරියකට හානි

පෙරේදා (05 දා) රාත‍්‍රී මෙම ගිනි ගැනීම ඇතිවී තිබේ. සෙරෙප්පු කැපීම සඳහා රැුගෙනවිත් තිබූ යන්ත‍්‍රයකට මෙන්ම සෙරෙප්පු කර්මාන්ත ශාලාවටද ගිනි ගැනීමෙන් හානි වී ඇත. විදුලි කාන්දුවක් නිසා මෙම ගිනි ගැනීම සිදුවී ඇති බවට සැක කෙරේ. ගාල්ල මහ නගර සභාවට අයත් ගිනි නිවන ඒකකය මගින් ගින්න නිවා දැමීමට කටයුතු කරනු ලැබීය. ගාල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – හිනිදුම රවින්ද්‍ර චන්ද්‍රලාල්
 

advertistmentadvertistment
advertistmentadvertistment