ගාලුමුවදොර අරගලයට  දින 41 යි

204

ජනාධිපතිවරයාට ඉවත්වන ලෙසට බලකරමින් හා ගෑස්, ඉන්ධන, විදුලිය යන අර්බුදවලට වහා විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් කොටුව ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන ජන අරගලය අද (19 දා) 41 වැනි දිනයටත් ක්‍රියාත්මක වේ.

ජන අරගලයට පෙරේදා (17 දා) රාත්‍රියේ ද විවිධ පිරිස් එක්ව සිටි අතර විවාහ දිවියට පිවිසි යුවළක් ද අරගල භූමියට පැමිණ සහාය පළ කරන්නට වූහ.

පෙරේදා රාත්‍රියේ ද දන්සල් කීපයක් අරගල භූමියේ පැවැති අතර අරගලකරුවන්ගේ සිනමා නිර්මාණ කීපයක් සහිත කෙටි චිත්‍රපට උළෙලක් පැවැත්වීමට අරගලයට සහාය වන කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡා කෙරිණි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment