ගාලුමුවදොර අරගලය  23 වැනි දිනටත්…

212

රටේ ඇතිවී තිබෙන ඉන්ධන, ගෑස්, විදුලිය ඇතුළු තවත්  ගැටලුවලට විසඳුම් ඉල්ලා සහ ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව වහා ඉවත්විය යුතු බවට බලකරමින් පසුගිය 09 වැනිදා කොටුව ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී ආරම්භ වූ ජන අරගලය ඊයේ (01 වැනිදා) 23 වැනි දිනටත් විශාල ජන සහභාගිත්වයෙන් පැවැත්විණි.

ගාලුමුවදොර අරගල භූමියට පෙරේදා (30 වැනිදා) රාත්‍රියේදී විශාල පිරිසක් එක්ව සිටියහ.

එහිදී අරගල භූමිය විචිත්‍රවත් කරමින් එහි ඉදිකර ඇති එළිමහන් රංග පීඨයේදී නාට්‍ය ඇතුළු විශේෂාංග රැසක් ඉදිරිපත් කෙරිණි.

විවිධ සටන් පාඨ කියමින් ජනාධිපති මන්දිරය අසල විශාල පිරිසක් හිඳිමින් සිය විරෝධය දක්වනු දැකගත හැකිවිය.

අඛණ්ඩවම ක්‍රියාත්මක ගාලුමුවදොර අරගලය අද (02 වැනිදා) 24 වැනි දිනයටත් ක්‍රියාත්මකය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත

 

advertistmentadvertistment
advertistmentadvertistment