ගාලු පාරේ කොළඹ – කතරගම අර්ධ සුඛෝපභෝගී බස් සේවය නවතී

159

ගාලු පාර ඔස්සේ කතරගම සිට කොළඹ දක්වා ධාවනය වන අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවය ඊයේ (04දා) මධ්‍යම රාත්‍රී 12 සිට ඉවත් කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

කෙසේ වෙතත් එම මාර්ගයේ සාමාන්‍ය බස් රථ සහ සුඛෝපභෝගී බස් රථ ධාවනය වන බව ද ඒ අනුව අර්ධ සුඛෝපභෝගී බස් රථ සඳහා අය කළ රුපියල් 1,541 ක ගාස්තුව රුපියල් 1,117 දක්වා අඩුවන බව ද ඇමැතිවරයා කීවේය.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment