ගාස්තු වැඩි කළේ ආසන ගණනට: මගීන් ගෙනයෑමට නීතිය කි‍්‍රයාත්මක කළාට වරදක් නෑ – ගැමුණු කියයි

168

බස් ගාස්තු ඉහළ දැමීමට අවසර ලැබුණේ ආසන ගණනට මගීන් ගෙනයෑමේ කොන්දේසියට අනුව බවද එය නියාමනය නොකළ නිසා එම තීරණය අයාලේ ගිය බවද ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ට පැවසීය.

එනිසා බස්වල ආසන ගාණට මගීන් ගෙන නොයන බස්රථවලට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමේ වරදක් නැතැයි ද ඒ මහතා පැවසීය.

බස්රථ කාලසටහන් වලට අනුව ධාවනය නොකරන නිසා උදෑසන කාලයේ හා සවස් කාලයේදී ආසන

ගාණට වඩා මගීන් ප‍්‍රමාණයක් බස්වලට ගොඩවන බවද විජේරත්න මහතා පැවසීය.

වසංගතය නිසා ආසන ගණනට මගීන් ගෙනයා හැකි පරිදි බස් ගාස්තු ඉහළ දැමූ බවත් එය නිසි පරිදි නියාමනය කළේ නම් මේ වනවිට එම තත්ත්වයට මගීන් මෙන්ම රියැදුරන් හා කොන්දොස්තරවරුන්ද හුරුවන බවද ඒ මහතා කීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment