ගාස්තු සංශෝධනයට එරෙහිව දුම්රිය රියැදුරෝ අතිකාල වර්ජනයක

115

ඊයේ (29 වැනිදා) මධ්‍යම රාති‍්‍රයේ සිට අතිකාල සේවාවලින් ඉවත් වීමට තීරණය කළ බව දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා ‘දිවයින’ට පැවසීය.

අත්තනෝමතික ලෙස දුම්රිය ප‍්‍රවේශපත‍්‍ර ගාස්තු සංශෝධනය කිරීමේ තීරණයට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගයේ නිරත වන බවද හෙතෙම කීය.

පෙරේදා (28 වැනිදා) රැස්වූ කැබිනට් මණ්ඩලයේදී දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට අනුමැතිය හිමිවිය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඉන්දික දොඩංගොඩ මහතා මෙසේ ද කීය.

පසුගිය දින කීපය පුරාම අපි දැක්කා අත්තනෝමතික ලෙස දුම්රිය ගාස්තු වැඩිකිරීමේ උත්සාහයක්. අපි විශේෂයෙන්ම පැහැදිලි කරලා දුන්නා දුම්රිය ගාස්තු වැඩි නොකර අලාභය අවම කරගෙන ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙළක්. ඒක කි‍්‍රයාත්මක නොකර දුම්රිය මගියා පීඩාවට පත් කරන්න දුම්රිය පාලන අධිකාරිය උත්සාහ කරන්නේ. රටේ තියෙන ආර්ථික අර්බුදයත් සමග මගීන් විශාල ප‍්‍රමාණයක් දුම්රියට ඇදෙමින් තියෙනවා. ඒ ඉල්ලූමට සරිලන ලෙස දුම්රිය සකස් කරලා දෙන්න බැරි නිසයි දුම්රිය මගීන් සීමා කරන්න මේක කරලා තියෙන්නේ කියලා අපි

වගකීමෙන් කියනවා. අපි අතිකාල සේවයෙන් සම්පූර්ණයෙන් ඉවත් වෙනවා. එතකොට වෙන්නේ උදේට කෝච්චි දුවනවා. හවසට කෝච්චි ධාවනය නතර වෙනවා. මේ ගැන අවබෝධයෙන් කටයුතු කරන්න කියලා මගීන්ගෙන් ඉල්ලා සිටිනවා.

චමින්ද සිල්වා, අකිත පෙරේරා සහ ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment