ගැටලු විසඳනවා වෙනුවට ගුරු මර්දනය පටන් අරන්… ජෝසප් ස්ටාලින්

388

ගුරු විදුහල්පති ගැටලු විසඳීම වෙනුවට ගුරු විදුහල්පති වෘත්තීය සමිති මර්දනය කිරීමට ආණ්ඩුව වැඩ කටයුතු ආරම්භ කර ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ‘දිවයින’ට ඊයේ (30 දා* පැවසීය.

මේ සඳහා අලුත්ම වැඩසටහන ලෙස පසුගිය අගෝස්තු මස 04 වැනිදා කොට්ටාව, මොරටුව, කඩවත ඇතුළු ප‍්‍රදේශ හතරක සිට කොළඹට පැමිණි රථවාහන පෙළපාලියේ රථවාහන අංක හඳුනාගෙන එහි හිමිකරුවන්ට හෙට (02 දා* කොටුව පොලිසිය හමුවේ පෙනී සිටීමට දැනුම් දී ඇතැයි ද ස්ටාලින් මහතා කීය.

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම්වලට විසඳුම් ඉල්ලා පවත්වනු ලැබූ සෑම විරෝධතාවකදීම ගුරුවරුන් පිරිසක් නිරෝධායන නීති කඩකළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවත් එසේ සිදුකර අගෝස්තු 04 වැනිදා පැවැත්වූ විරෝධතාවයට සම්බන්ධ තවත් පිරිසක් අපහසුතාවට පත් කිරීමට කටයුතු කරන බවත් ඔහු කීය.

ආණ්ඩුව විසින් දිගින් දිගටම ගුරු විදුහල්පතිවරුන් අපහසුතාවට පත් කිරීමට කටයුතු කළහොත් සිවිල් සංවිධාන ඇතුළු වෘත්තීය සමිති රැුසක නායකයන් සමග ගත යුතු ඉදිරි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවත් ස්ටාලින් මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment