ගැටලූ විසඳනකම් ඖෂධ නියාමන අධිකාරිය සෞඛ්‍ය ඇමතිට පවරන ලෙස ඉල්ලීමක්

233


ඖෂධ නියාමන ඇධිකාරියේ දත්ත පිළිබද ගැටලූ‍ව විසඳා ගන්නා තෙක් ඖෂධ නිෂ්පාදනය ,සැපයුම් හා ඖෂධ ලියාපදිංචිය පිළිබඳ රාජ්‍ය ඇමතිවරයාගේ ග‍්‍රහණයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඉවත් කර කැබිනට් සෞඛ්‍ය ඇමතිවරයා යටතට එය පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි .
පැහැදිළි ලෙසම ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම, ඖෂධ මාෆියාවේ අතරමැදි ස්වරූපයක් බව හදුනාගත හැකිව තිබියදී, එය දේශපාලන ගැටළුවක් බවට පත් කර ගනිමින් යට ගැසීමට රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන ඇමතිවරයා උත්සාහයක යෙදීම බරපතල සැකයකට හේතුවක් වන බව පෙන්වා දෙන කුමුදේශ් මහතා ඖෂධ නියාමන අධිකාරියේ ගැටලූ‍වට ස්වාධීන පරීක්ෂණයක් සිදු කිරීමට උත්සාහයක් නොමැති බව මේ වන විට පැහැදිළි වී ඇතැයි අවධාරණය කර සිටි .

advertistmentadvertistment
advertistmentadvertistment