ගැනුම්කරුවෝ නැතිව මැනිං වෙළෙන්දෝ හාන්සියි

194

මැනිං වෙළෙඳපොළට එළවලූ සහ පලතුරු තොග මිලදී ගැනීමට පැමිණෙන ගැනුම්කරුවන් අඩු වීම නිසා මැනිං වෙළෙන්දන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංකීර්ණයෙහි හිටපු සංවිධායක අනිල් ඉන්ද්‍රජිත් මහතා ඊයේ (14 වැනිදා* ‘දිවයින’ට පැවසීය.

සුපුරුදු පරිදි වෙළෙඳ සංකීර්ණයට එළවලූ පලතුරු තොග ලැබීම අඛණ්ඩව සිදු වුවත් මිලදී ගැනීමට වෙළෙඳුන් නොපැමිණීම නිසා පාඩු ලබන බවද ඒ මහතා පැවැසීය.

දවස් දෙකෙන් දෙකට විවෘත කළ මැනිං මාර්කට් එක පසුගිය ඉරිදා සිට සතියේ දවස් හතම විවෘතව තැබීමට තීරණය කරලා තියනවා. ඒ තීරණයත් එක්ක එළවළු ගැනුම්කරුවන් පැමිණීම අඩු වුණා. එළවලූ මිලත් අඩු වෙලා තියෙන්නේ. එළවළු තොග විකුණාගන්න බැරිව මැනිං වෙළෙන්දෝ අසරණ වෙලා යැයි සංවිධායකවරයා වැඩි දුරටත් සඳහන් කළේය. ඊයේ (14 දා* දිනයේදී කැරට් කිලෝවක් රුපියල් 50, සිට 120 දක්වාත්, ලීක්ස් කිලෝවක් 140 සිට 170 දක්වාත් ගෝවා කිලෝවක් 100 සිට 120 දක්වාත් බෝංචි 100- 140 දක්වාත් වැනි තොග මිල ගණන්වලට අලෙවි කර තිබිණි. එමෙන්ම පහතරට එළවලූ වල මිලද සැලකිය යුතු ලෙස පහළ බැස ඇති බව මැනිං වෙළෙන්දෝ පැවසූහ.


නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment