ගැබිනි මව්වරුන් බය නැතිව එන්නත ලබාගන්න – විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් ඉල්ලයි

754

මේ වනවිට ගැබිනි මව්වරුන් පනස්දහසකට (50,000) අධික පිරිසක් කොවිඞ් එන්නත ලබාගෙන ඇතැයි කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලේ නාරි හා ප‍්‍රසව විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා ‘දිවයින’ට ඊයේ (22 දා) පැවසීය.

‘‘මේ වනවිට ගැබිනි මව්වරුන් දෙදහස් අටසීයකට අධික පිරිසකට කොවිඞ් ආසාදනය වෙලා තියෙනවා. කොවිඞ් වැළඳීමෙන් ගැබිනි මව්වරුන් 21 දෙනකු මරුමුවට පත්ව ඇති බවට වාර්තා වෙනවා. මේ නිසා අනියත බියක් ඇති කර නොගෙන හැකි ඉක්මනින් කොවිඞ් මර්දන එන්නත ලබා ගන්නා ලෙස ගැබිනි මව්වරුන්ගෙන් ඉල්ලා සිටිනවා’’ යැයි ද විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා ඉල්ලා සිටියේය.

දරුවාගේත් මවගේත් ජීවිත දෙකේම ආරක්ෂාව වෙනුවෙන් ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ගොස් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හමුවී කොවිඞ් එන්නත ලබාගන්නා ලෙසද ඒ මහතා ගැබිනි මව්වරුන්ගෙන් තවදුරටත් ඉල්ලා සිටියේය.

නිරෝෂා වාසල
 

advertistmentadvertistment
advertistmentadvertistment