ගැබිනි මව්වරුන් 700කට කොවිඩ් – 19ක් මිය ගිහින් – ගම්පහ 7003කට තවමත් ප‍්‍රතිකාර නෑ

295

* බොහෝ දෙනා එන්නත් ගෙන නෑ: 19ක් මිය ගිහින් – විශේෂඥ වෛද්‍ය චිත‍්‍රමාලි ද සිල්වා 

* ශ‍්‍රී ලංකාවෙනුත් ඩෙල්ටා පරදවන අලුත් ප‍්‍රභේද මතුවීමේ අවදානමක්  – විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න

කොරෝනා වෛරසයේ ශීඝ‍්‍ර ව්‍යාප්තියත් සමග කොරෝනා වෛරසය ආසාදනය වූ  ගැබිනි මව්වරුන් හත්සියයක් මේ වන විට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය චිත‍්‍රමාලි ද සිල්වා මහත්මිය ස`දහන් කළාය.

මේ අතරින් බහුතරයක් ගැබිනි මව්වරුන් කොරෝනා මර්දන එන්නත් ලබාගෙන නොමැති බව ද අනාවරණය වී ඇත.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ගැබිනි මව්වරුන් 19 දෙනකු මේ වන විට මරණයට පත්ව ඇති අතර ඔවුන් සියලූම දෙනා එන්නත් ලබාගෙන නොතිබූ බව ද ඇය පෙන්වා දුන්නාය.

දැනට රටේ ගැබිනි මව්වරුන් එක්ලක්‍ෂ පනස්දහසත් ලක්‍ෂ දෙකත් අතර පිරිසක් සිටින බව ද කී විශේෂඥ වෛද්‍ය චිත‍්‍රමාලි ද සිල්වා මහත්මිය ඒ අතරින් කොරෝනා මර්දන එන්නතේ එක් මාත‍්‍රාවක් හෝ ලබාගෙන තිබෙනුයේ තිස්දහසක පමණ පිරිසක් බව ද පැවසුවාය.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේදී ඊයේ (11 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව ස`දහන් කළාය.

එහිදී අදහස් දැක්වූ නාරි හා ප‍්‍රසව වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප‍්‍රදීප් සිල්වා මහතා කියා සිටියේ දැනට රෝහල්ගතව සිටි ආසාදිත මව්වරුන් අතරින් එක් එන්නත් මාත‍්‍රාවක් ලබාගෙන සිටින අය සායනික වශයෙන් බරපතළ තත්ත්වයන්ට පත් නොවූ බවකි.

ගැබිනි මව්වරුන් කොරෝනා මර්දන එන්නතේ එක් මාත‍්‍රාවක් ලබා ගැනීම සුදුසු බව එයින් අදහස් නොකරන බව ද කී ඒ මහතා මේ මොහොතේ මව්වරුන් කළ යුතුම කි‍්‍රයාව වන්නේ කොරෝනා මර්දනයට ලබා දෙන එන්නත ගැනීම බව ද පැවසීය.

ළ`ගම පිහිටි රජයේ රෝහලින් සහ ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හෝ මාතෘ සායනවල දී ගැබිනි මව්වරුන්ට එන්නත් ලබා ගැනීමට හැකියාව පවතින අතර රජයේ එන්නත්කරණ වැඩපිළිවෙළ අනුව ගැබිනියක එන්නත්කරණ මධ්‍යස්ථානයකට පැමිණියහොත් ඇයට ප‍්‍රමුඛතාව ලබා දෙන ලෙස මේ වන විට සෞඛ්‍ය අංශවලට උපදෙස් ලබා දී තිබෙන බව ඒ මහතා කීය.

මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වන ගැබිනි මාතාවන්ට ඇති වන සංකූලතා හමුවේ ඔක්සිජන් ලබා දෙන තත්ත්වයට පත්වීම සහ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබා දීමට සිදුවීම වැඩිවෙමින් පවතින බව ද සෞඛ්‍ය අංශ නිරීක්‍ෂණය කර ඇත.

මේ අතර ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයන් 12550 ක් දෙනා අතරින් ආසාදිත පුද්ගලයන් 7003 දෙනකු ප‍්‍රතිකාර ස`දහා යොමු කිරීමට නොහැකිව තිබීමේ සිද්ධියක් (10 වැනිදා) පැවැති ගම්පහ දිස්ති‍්‍රක් කොරෝනා මර්දන කමිටු රැුස්වීමේදී අනාවරණය වී ඇත.

එම ආසාදිතයන් 12550 දෙනා අතරින් 4446 දෙනකු දැනට රෝහල්ගතව සිටින අතර තවත් ආසාදිතයන් 1506 දෙනකු වෛද්‍ය අධීක්‍ෂණය යටතේ නිවෙස්වල ප‍්‍රතිකාර ලබමින් සිටින බවත් එහිදී ස`දහන් වී තිබේ.

මේ අනුව ප‍්‍රතිකාර සඳහා යොමු නොකෙරුණු ආසාදිතයන් සොයා ඔවුන්ගේ තත්ත්වය හ`දුනාගෙන අවශ්‍ය පියවර ගැනීමට සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා මැදිහත් වී කටයුතු යොදා ඇත.

යුද හමුදාවේ සහාය ලබා ගෙන අදාළ ආසාදිතයන් සීදුව, වැරැුල්ලවත්ත, බියගම සහ වතුපිටිවල යන අතරමැදි මධ්‍යස්ථාන වෙත රැුගෙනවිත් ඔවුන්ගේ රෝගී තත්ත්වය පරීක්‍ෂා කර බලා රෝහල්ගත කළයුතු පිරිස් රෝහල් වෙත යොමුකිරීමටත් ප‍්‍රතිකාර මධ්‍යස්ථානවලට සහ නිවෙස් ප‍්‍රතිකාර ස`දහා යොමු කළ යුතු පිරිස් ඒ සඳහා යොමු කිරීමටත් ඊයේ (11 වැනිදා) වන විට වැඩකටයුතු අරඹා තිිබිණි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය ගම්පහ දිස්ති‍්‍රක්කයේ ආසාදිතයන් 7003ක් සොයා ගැනීමට නැතැයි යනුවෙන් ඊයේ වන විට විවිධ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වෙමින් තිබුණු අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂවරයා ස`දහන් කළේ එය ගණන් හිලව්වල ඇතිවූ දෝෂයක් විය හැකි බවකි.

එම සිදුවීම සම්බන්ධයෙන් ඊයේ (11 වැනිදා) පෙරවරුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡුාවක් සිදු වූ බවද කී ඒ මහතා සිදුව ඇත්තේ කුමක්දැයි විමසා බැලෙමින් ඇතැයි ද පැවසීය.

මේ අතර ඉන්දීය ‘ඩෙල්ටා’ කොරෝනා ප‍්‍රභේදයේ ශීඝ‍්‍ර ව්‍යාප්තිය හමුවේ මෙරටිනුත් නව කොරෝනා ප‍්‍රභේදයක් මතු වීමේ අවදානමක් පවතින බව ශී‍්‍ර ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය ස`දහන් කළාය.

ඒ පිළිබ`දව වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ එවන් නව ප‍්‍රභේදයක් මෙරටේ ඇති වුවහොත් එය ඩෙල්ටා ප‍්‍රභේදය අභිබවා යන්නක් විය හැකි බවය.

පවතින වසංගත තත්ත්වය හමුවේ ආසාදිත දරුවන් වාර්තා වීම ඉහළ යෑම හේතුවෙන් මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වන වයස අවුරුදු 2-14 අතර දරුවන් ද නිවෙස් ප‍්‍රතිකාර වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.

ඒ අනුව රෝග ලක්‍ෂණ නොපෙන්වන සහ සුළු රෝග ලක්‍ෂණ පෙන්වන ආසාදිත දරුවන් පූර්ණ වෛද්‍ය අධීක්‍ෂණය යටතේ මෙසේ නිවෙස් ප‍්‍රතිකාර ස`දහා යෙමු කෙරෙනු ඇත.

සමන් ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment