“ගැමි වචන මට නුහුරුයි” – ශ‍්‍රීමාලි ෆොන්සේකා

1102

මේ දිනවල ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශනය වෙන පි‍්‍රයන්ත ප‍්‍රනාන්දු අධ්‍යක්ෂණය කරන සකර්ම ටෙලිනාට්‍ය බොහෝ දෙනාගේ හදවත් ඇද බැඳ තබාගත් නිර්මාණයක් වන්නේ එය ඈත පිටිසර ගමක සිදුවන සිදුවීම් මාලාවක් ලෙස තාත්විකව පේ‍්‍රක්ෂකයා වෙත රසවින්දනයට ලබා දෙන්නක් වන නිසාමය. කෙසේ වෙතත් සකර්ම ටෙලිනාට්‍යයේ සුමාලිගේ චරිතය රගපාන ශ‍්‍රීමාලි ෆොන්සේකා නාට්‍ය තුළ තමාගේ අත්දැකීම් මෙලෙස බෙදාගත්තා.

ශ‍්‍රීමාලිව අපිට මුණ ගැහෙන්නෙ සුමාලි ලෙස… කොහොමද මේ චරිතය ඔබට ලැබෙන්නෙ…

ඇත්තටම කිව්වොත් මට සුමාලි චරිතය ලබාදෙන්නෙ අධ්‍යක්ෂක ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු මහත්මයා. මේ සඳහා කතා කරනකොට පුංචි බයකුත් තිබුණා. මොකද මට ගැමි පෙනුමක් තිබුණෙ නෑ. මොකද සම්පූර්ණයෙන් වෙනස් චරිතයක්. මම නිරූපිකාවක්. වෙනස් පැෂන් කරමින් හිටි කෙනෙක්. ඒත් අධ්‍යක්ෂකතුමා කිව්ව ඔයාට මේක කරන්න පුළුවන් කියල. අනික තමයි නාට්‍යයේ පාවිච්චි කරපු ගැමි වචන මට නුහුරුයි. නාගරික පරිසරයක ඉන්න කෙනෙක් වෙච්ච මට ඒ වචන ටිකක් නුපුරුදු වුණා.

"ගැමි වචන මට නුහුරුයි" - ශ‍්‍රීමාලි ෆොන්සේකා

නිරූපිකාවකට කාෂ්ටක පෙනුමක් ලැබෙද්දි ඔබට මුලින්ම මොකද හිතුනෙ

මෙහෙමයි නිරූපිකාවක් විදියට කරන්නෙ තියෙන පෙනුම ලස්සන කරන එකනෙ. මුලින්ම මාව මේකප් කරන විදුර අයියා මේකප් දාපුවාම කණ්ණාඩියෙන් බලද්දි මම ඇහුව ඇයි මාව කළු කරන්නෙ කියල. පස්සෙ ඒ ගැන ලොකුවට දැනුනෙ නෑ. පුරුදු වුණා ඒකට. විදුර අයිය මගෙ ගැමි පෙනුම ගත්තෙ ඒ විදියට. ඒකටත් ගොඩක් ස්තුතියි. සමහර අය හිතෙනවා මම මේකප් නැතිව මෙහෙම ඇති කියල. ඒකට කමක් නෑ. නමුත් මේක චරිතයට සුදුසු පෙනුම.

සකර්ම සඳහා වඩාත් ප‍්‍රවීණයන් සම්බන්ධ වෙනව කොහොමද ඒ සහය…

විශේෂයෙන්ම කියන්න ඕනා චම්පා ශ‍්‍රියානි අක්කා වගේම අනුරාධා, උමාලි, සූර්යා වගේ අයගෙනුත් ලොකු සහයක් තිබුණා. මාව චරිතයට තෝරගත්දි ඔවුන් මම තණමල්විල කොල්ලෙක් නාට්‍යයේ රංගනය දැකල තිබුණා. ඒ හින්දම තමයි මාව තෝරගෙනත් තිබුණෙ.

කාලයකට ඉස්සර ඔබ විවාහක රූ රැුජනක්. මෙවනි චරිතයක් ලැබෙන්නත් කාලයක් ගියා නේද…

මම මගෙ ජීවිතේ කාලෙන් කාලෙට නිරූපිකාවක්, වෙළඳ දැන්වීම් හරහාත් පසුව රංගනයෙනුත් ඉස්සරහට එන්න ලැබුණා. ඒක මට ලැබුණ ආශිර්වාදයක් කියල තමයි ඇත්තටම මම හිතන්නෙත්. වේගෙන් ගමනක් යන කෙනෙක් නෙවෙයි මම.

"ගැමි වචන මට නුහුරුයි" - ශ‍්‍රීමාලි ෆොන්සේකා

රංගනයේ යෙදෙන අයට නැවත නාට්‍ය නරඹන්න සමාජ ජාලා හරහා අවස්ථා ලැබෙනවා. මේක හොඳ දෙයක් නේද තියෙන අඩුපාඩු හදාගන්නත් තව දක්ෂතා වර්ධනයටත්

ඇත්තටම ඔව්. මාත් සකර්ම නැවත යූ ටියුබ් හරහා නරඹනව. ඉස්සර අපට එහෙම අවස්ථා තිබුණෙ නෑ මොකද නාට්‍යය යනකොට අපි දර්ශන තලයෙනේ ඉන්නෙ. දැන් හැමෝටම නැවත නාට්‍යය නරඹන්න ලැබෙනව. මට වගේම හැමෝටම ඒක වටිනවා.

සුමාලි කියන්නෙ දුක් උහුලගෙන ජීවිතයට මුහුණ දෙන චරිතයක්. මේ චරිතයට ක්ෂේත‍්‍රයේ කෙනෙකුගෙන් ලැබුණු හොඳම ප‍්‍රතිචාරය

මට චම්පා ශ‍්‍රියානි අක්කා කිව්වා හොඳට රඟපෑවා කියල… ඉතින් ඒක මට ගොඩක් වටිනව

රඟපාන චරිතය සඳහා සමාජ ජාලාවල අයගේ ප‍්‍රතිචාරත් සලකල බලනවද

මෙහෙමයි මම තණමල්විල කොල්ලෙක් නාට්‍යයේ නාලිකා චරිතය කරද්දි පවා ගොඩක් අය හිතුවෙ මම එහෙම චරිතයක් කියල. සුමාලි ගැනත් එහෙම හිතයි. ඔවුන් දක්වන හොඳ නරක දෙකම සම සිතින් භාරගෙන වැඩ කරන්නයි මම කැමති. ඉදිරි කාලයේ තවත් නාට්‍ය කිහිපයකින්ම මාව දකින්නත් පුළුවන්.

නදීෂ නිර්මාණ හේරත්

advertistmentadvertistment
advertistmentadvertistment