ගැරඩි ඇල්ලේ ජීවිත 05ක් සැගවේ

485

බදුල්ල ඇටම්පිටිය ගැරඩිඇල්ලේ දියනෑමට ගිය පිරිසගෙන් පස් දෙනකු දියේ ගිලීමෙන් පෙරේදා (29දා) හවස මියගොස් ඇතැයි ඇටම්පිටිය පොලිසිය පවසයි.

ගැරඩි ඇල්ලේ ජීවිත 05ක් සැගවේ

ඇටම්පිටිය වත්ත පළමු කොටසේ පදිංචි වනරාජා ඬේවිඞ් කුමාර් (23), සිවසුබ‍්‍රමණියම් කාංචනා (21), භවානි (22), සින්දු (18) සහ සිරියා (20) නමැති අය මෙසේ අවාසනාවන්ත ලෙස දියේ ගිලීමෙන් මියගොස් තිබේ.

ගැරඩි ඇල්ලේ ජීවිත 05ක් සැගවේ

මෙසේ දියේ ගිලී මියගිය සිවුදෙනකුගේ මෘතදේහ මේ වන විට ගොඩගෙන තිබෙන අතර එක් තරුණියකගේ සිරුර මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇතැයි ඇටම්පිටිය පොලිසිය කියයි.

ගැරඩි ඇල්ලේ ජීවිත 05ක් සැගවේ


ඇටම්පිටිය වත්ත පළමු කොටසේ නිවසක තිබූ දානමය කටයුත්තකට සහභාගි වීමෙන් අනතුරුව එකොළොස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ගැර`ඩිඇල්ල දියඇල්ලේ නෑමට ගොස් ඇති අතර ගැර`ඩිඇල්ල අසලම පහළින් පිහිටි දිය වළක නෑමට යෑමේදී මෙම අනතුරට ලක්වී තිබේ. පළමුව එක් තරුණයකු දියඇල්ලේ ගිලීම නිසා ඔහු බේරා ගැනීමට සෙසු තරුණියන් පිරිස එහි දියඹට ගිය අවස්ථාවේදී ඔවුන්ද දියේ ගිලී තිබේ. මෙම දියවළ ඉතා ගැඹුරින් පිහිටා තිබීම නිසා කිසිවකුත් මෙහි දියනෑම සිදු නොකරන බවද ඇටම්පිටිය පොලිසිය පවසයි.

ගැරඩි ඇල්ලේ ජීවිත 05ක් සැගවේ


මෙම පිරිස ගැර`ඩිඇල්ල දියඇල්ලේ ගිලී අතුරුදන් වීමෙන් පසු ඇටම්පිටිය පොලිසියේ නිලධාරීන් හා බදුල්ල එළදලූව යුද හමුදා කඳවුරේ නිලධාරීන් පැමිණ දියවළ ඇතුළේ තිබූ මෘතදේහ හතරක් ගොඩගෙන තිබේ. අතුරුදන්ව ඇති අනෙක් තරුණියගේ සිරුර සොයා ඇටම්පිටිය පොලිස් සහ හමුදා නිලධාරීන් එක්ව මෙහෙයුමක් දියත් කර ඇත.

 බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාලිංග ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි ඇටම්පිටිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත රණසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ඇටම්පිටිය පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ සිදු කරයි.

 කරුණාරත්න පල්ලේගම -බණ්ඩාරවෙල සහ හාලිඇල – කපිල චන්දන කුරුප්පුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment