ගැලනිගම අයකැමි සොරාගත් මුදල්වලින් සූදු කෙළලා

252

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම අන්තර් හුවමාරු කාර්යාලයේ අයකැමි අංශයේ සේප්පු දෙකක තිබූ රුපියල් 14 ලක්ෂ 18000 ක මුදලක් සොරාගත් සැකකරු වූ ප‍්‍රධාන මුදල් අයකැමිවරයෙකු බණ්ඩාරවෙල දී අත්අඩංගුවට ගත් බව පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

ගැලනිගම අයකැමි සොරාගත් මුදල්වලින් සූදු කෙළලා

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකේ රුපියල් පන්දහසක් පමණක් තිබූ බවත් පොලිසිය කියයි. සොරාගත් මුදල් සම්බන්ධයෙන් සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදී එම මුදල්වලින් රුපියල් පන්ලක්ෂ 10,000 ක මුදලක් ණය පිය වූ බවත් ඉතිරි මුදල් කැට සහ බූරු ගසා වියදම් වූ බවත් ප‍්‍රකාශ කළ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. සැකකරුගේ මගපෙන්වීම් මත පුද්ගලයන් පස් දෙනෙක් සන්තකේ තිබු එලෙස ණය පියවන ලද මුදල් සොයා ගත් බව පොලිසිය කියයි.

කොට්ඨාස භාර පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහත්වරුන්ගේ උපදෙස් මත පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක චමිල නිශ්ශංක පොලිස් සැරයන් 27061 අනුර 8397 චන්දන කොස්තාපල්වරුන් වන 69918 වසන්ත 82409 පුෂ්පකුමාර 36679 සුරංජිත් මහත්වරු පරීක්ෂණ පවත්වති.

කැස්බෑව ජයසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment