ගැසට් එකේ එක පිටුවක මුද්‍රණ වියදම රු. 10 ක්

170

රජයේ මුද්‍රණාලය මගින් ප‍්‍රකාශයට පත් කරන ගැසට් පත‍්‍රයක එක් පිටුවක් මුද්‍රණය කිරීම සඳහා රුපියල් 10 ක පමණ වියදමක් දැරීමට සිදුවන බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගානී කල්පනා ලියනගේ මහත්මිය ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසුවාය.

ඒ අනුව ගැසට් පත‍්‍රයකට වැය වන මුදල පිටපත් සංඛ්‍යාව සහ පිටු සංඛ්‍යාව අනුව වෙනස් වන බවද ඇය කීවාය.

රජය ගනු ලබන තීන්දු තීරණ, බඳවා ගැනීම් ඇතුළු අත්‍යවශ්‍ය කරුණු සෑම සිකුරාදා දිනකම නිකුත් කරනු ලබන ගැසට් පත‍්‍රය මගින් ප‍්‍රකාශ කරන බවත්, රජය ගෙන තිබූ තීරණයක් කඩිනමින් වෙනස් කිරීම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කළ යුතු නම් එවැනි ගැසට් පත‍්‍ර දවසේ ඕනෑම වේලාවක මුද්‍රණය කිරීමට මුද්‍රණාලය සූදානමින් සිටින බවත් ඇය කීවාය. රජයේ මුද්‍රණාලය පැය 24 පුරාම සිය රාජකාරි ඉටුකිරීමට සේවකයන් සූදානම් කර තිබෙන ආයතනයක් බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment