ගැසට් නිවේදන අවලංගු කරයි – සහල් පාලන මිල ඉවතට – කිරි පිටි, ගෑස්, සිමෙන්ති, පාන්පිටි, මිල තීරණය ජනපති පැමිණි පසු

480

සහල් සඳහා පනවා ඇති මිල පාලනයට අදාළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට ඊයේ (27දා) පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කර ඇත. ඒ අනුව සහල් ස`දහා තොග සහ සිල්ලර අලෙවියට අදාළව පැවැති උපරිම මිලද අවලංගු වේ.

 එසේම කිරිපිටි, ගෑස්, තිරි`ගු පිටි සහ සිමෙන්ති මිල ගණන් ඉහළ නැංවීම ස`දහා ජීවන වියදම් කමිටුව මගින් කරන ලද යෝජනාව සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණි පසු තීන්දුවක් ගැනීමට ද කැබිනට් මණ්ඩලය යෝජනා කර තිබේ.

 අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවැති කැබිනට් මණ්ඩල රැුස්වීමේදී මෙම භාණ්ඩවල මිල වැඩිකිරීම ගැන දීර්ඝ ලෙස සාකච්ඡුා කර ඇති අතර එහිදී මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ මිල වැඩි කිරීමකින් තොරව නව ක‍්‍රමවේදයක් ඔස්සේ මෙම භාණ්ඩ අලෙවිය සම්බන්ධව පියවර ගතයුතු බවය.

 එසේම කිරිපිටි කිලෝ ග‍්‍රෑම් එකක් රුපියල් 200 කින්, කිලෝ ග‍්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 550 කින්, පාන් පිටි කිලෝවක් රුපියල් 10 කින් සහ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 50 කින් ඉහළ දැමීම සම්බන්ධව ජීවන වියදම් කමිටුවේදී තීරණයක් ගෙන නැතැයිද පවසා ඇත. දැනව වෙළෙඳ පොළෙහි පවතින සහල් හිඟයට විසඳුමක් ලෙස සහල් කිලෝ මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂයක් ආරක්‍ෂිත තොගයක් ලෙස තබා ගැනීමට ආනයනය කරන ලෙස වෙළෙද ඇමැති බන්දුල ගුණවර්ධන මහතාට උපදෙස් දුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment