ගැසට් මගින් අත්‍යවශ්‍ය  සේවාවක් ප‍්‍රකාශ කළ විට අනිවාර්යයෙන්ම සේවයට ආ යුතුයි – ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා

174

විදුලිය, සෞඛ්‍ය නොව ඕනෑම විෂයකට අදාළව අත්‍යවශ්‍ය සේවාවක් ගැසට් පත‍්‍රයක් මගින් ප‍්‍රකාශයට පත්කළ විට එම සේවාවල නිරත පිරිස සේවයට වාර්තා කළයුතු යැයි ජනාධිපති නීතිඥ යු. ආර් ද සිල්වා මහතා ‘දිවයින’ ට ඊයේ (13දා) පැවැසීය.

එවැනි ගැසට් පත‍්‍රයක් උල්ලංඝනය සිදුකළ හොත් රැුකියාව අහිමිවීම, ඔවුන් සතු නිශ්චල සහ චංචල දේපළ අහිමිවීම, අධිකරණය හමුවට පැමිණවනු ලැබුවහොත් වසර 02 ත් 05 ත් අතර සිරදඬුවම් නියම කිරීම, රුපියල් 2000 ත්, 5000 ත් අතර දඩ නියම කිරීම ඇතුළු පියවර ගතහැකි බවද ඒ මහතා කීය.

නිකුත් කර ඇති ගැසට්පත‍්‍රයට අනුමැතිය ලබාගැනීම ස`දහා දින 10 ක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගතයුතු බවත්, ඉන්පසු එය මාසයක් වලංගු වන බවත් ඒ මහතා කීය. එය තවත් දීර්ඝ කළයුතු නම් නැවත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත යුතු බවත් එසේ නොකරන්නේ නම් එය අහෝසි වන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment