ගැස්ට්‍රයිටීස් නිසා මතුවන සිරෝසිස්

1409

අක්මාවේ සිරෝසිස් රෝගය මතුව ඇතැයි පැවසූ විට එකවරම සිහියට නැගෙන්නේ මත්පැන් ය. ඊට හේතු වී ඇත්තේ බහුලවම සිරෝසිස් රෝගයට ගොදුරු වී සිටින්නේ දිගුකලක් අධික ලෙස මත්පැන් භාවිතයට හුරුවූවන් බැවිනි. නමුත් වර්තමානයේ එම තත්ත්වය වෙනස් වෙමින් මත්පැන් පානය නොකරන පුද්ගලයන්ට ද සිරෝසිස් රෝගය වැළඳීමේ වැඩි අවස්ථාවක් දැකිය හැකිය. ඒ සඳහා ප්‍රධාන වශයෙන් ම බලපා ඇත්තේ ගැස්ට්‍රයිටීස් රෝගයයි.

දිගු කාලයක් ගැස්ට්‍රයිටීස් රෝගයට ගොදුරුව සිටින අය තුළ මෙලෙස අක්මාවේ සිරෝසිස් රෝගය මතුවීම හඳුනාගෙන ඇත.

ගැස්ට්‍රයිටීස් මතුවීම

ගැස්ට්‍රයිටීස් රෝගය මතුවීමට ප්‍රධාන වශයෙන් ම හේතු වී ඇත්තේ අප නිසි වේලාවට ආහාරපාන නොගැනීම සහ ආහාර රටාවේ මතුව ඇති වෙනස්කම් ය. සාමාන්‍යයෙන් උදේ ආහාර වේල පෙරවරු 7.00 ට පෙර ද දිවා ආහාර වේල දහවල් 12.00 ට පෙර ද රාත්‍රි ආහාරවේල රාත්‍රි 6.00 ට පෙර ද ගත යුතු බව වෛද්‍ය මතය වී තිබේ. එවිට පැය 06 කට ආසන්න කාලයක පරතරයක් ආහාර වේල් අතර පවත්වාගත හැකිය.

එසේම උදේ ආහාර වේල රජකු මෙන් ද, දිවා ආහාර වේල සිටුවරයකු මෙන් ද, රාත්‍රි ආහාර වේල සිඟන්නකු මෙන්ද ගන්නා ලෙස පවසා ඇත.

ඉන් පවසා ඇත්තේ අපට වැඩි ශක්තියක් සිරුරට අවශ්‍ය වන්නේ උදෑසනටය. එසේ අවශ්‍ය ශක්තිය පාලනය කරගෙන යෑම සඳහා දිවා ආහාරය ගත යුතුය. රාත්‍රිය යනු සිරුරට විවේකය ලබාදෙන කාලයයි. එනිසා වැඩි ආහාර වේලක් ගත යුතු නැත. නමුත් වර්තමානයේ මෙය විකෘති වී අප බොහෝ දෙනා වැඩි ආහාර ප්‍රමාණයක් ගනු ලබන්නේ රාත්‍රි කාලයටය. එහි ප්‍රතිඵලය වී ඇත්තේ එම ආහාරවල ඇති මේදය කොටස් අක්මාවේ තැන්පත් වී අක්මාව රෝගීවීමට පටන් ගැනීමය. (ත්‍්එඑහ කසඩැර* අක්මාවේ මෙලෙස අධික ලෙස මේදය තැන්පත් වූ විට එහි ක්‍රියාකාරීත්වය දුර්වල වීමට පටන් ගනී. අප ගනු ලබන ආහාරවල පෝෂ්‍ය කොටස් හතක් හෙවත් සප්ත රසයක් පවතී. රස, රක්ත, මාංශ, මේද, අස්ථි, ඇටමිදුළු සහ ශුක්‍ර ලෙස එය හඳුන්වයි. මෙම පෝෂ්‍ය කොටස් නිසි ලෙස සිරුරට උරාගැනීම සඳහා අක්මාව, පිත්තාශය, අග්න්‍යාසය ආදී ඉන්ද්‍රියයන්ගෙන් නිපදවන ශ්‍රාවයන් ආහාර ජීර්ණය සඳහා එක්විය යුතුය.

නමුත් අක්මාව දුර්වල වූ විට මේ ක්‍රියාවලිය නිසි ලෙස සිදු නොවේ. එවිට මතුව ඇති ගැස්ට්‍රයිටීස් තත්ත්වය තව තවත් උත්සන්න වේ. ආහාර ජීර්ණයට බාධා කිරීමට බලපාන තවත් හේතුවක් වී ඇත්තේ ආහාර ගත් විගස ස්නානය සඳහා යොමුවීමය. සාමාන්‍යයෙන් ආහාර ගත යුත්තේ ස්නානයට පසුය. එසේ නොමැති නම් ආහාර ගෙන පැය දෙක තුනක් පමණ ගත වූ පසු ස්නානයට යොමුවිය යුතුය. ආහාර ගත් විගස ස්නානය කිරීම මගින් ආහාර ජීර්ණයට අවශ්‍ය ශරීර උණුසුම අඩු වී ආහාර ජීර්ණය නිසි ලෙස සිදු නොවේ. ඉන් ආහාර ආමාශය තුළ පල්වීමකට ලක්වී විෂ කොටස් නිපදවීම සිදුවේ. එවිට ආහාර මගින් සප්ත රසය වෙනුවට විෂ සහිත වූ සිරුරට අහිත කර වූ ද්‍රව්‍ය අක්මාවට එක්වේ. මෙමගින් ද අක්මාවේ ක්‍රියාකාරීත්වය දුර්වල වී සිරෝසිස් තත්ත්වය හට ගනී.

මේ අනුව මත්පැන් මෙන්ම ගැස්ට්‍රයිටීස් මගින් සිරුරට එක්වන විෂ ද අක්මාවට හානිකර බව වටහා ගත යුතුය.

අක්මාවේ සිරෝසිස් හට ගැනීම

ගැස්ට්‍රයිටීස් රෝගය දිගු කාලයක් පැවතීම නිසා නිසි ලෙස ආහාර ජීර්ණය සිදු නොවීමෙන් දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් අධික බව ආදී රෝග හට ගනී. මෙම රෝග ද සිරුර තුළ කාලයක් පැවතීමෙන් අක්මාවේ ක්‍රියාකාරීත්වය දුර්වලවීම තව තවත් ඉහළ යයි.

මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ අක්මාවේ සිරෝසිස් ඇතිවීමය. ඉන්පසු එය පිළිකා තත්ත්වයක් බවට පත්විය හැකිය. මෙම තත්ත්වය මතුවන විට ආහාර අරුචිය, බඩ පුරවා දැමීම, සිරුරේ අප්‍රාණික බව, කොන්දේ වේදනාව හට ගැනීම, නිතර හිසරදය, දෙපාවල වේදනාව, සිරුරෙහි නිතර ඇතිවන ශීතල බවක් සහ සුළු කටයුත්තකදී පවා අධික වෙහෙසක් හට ගැනීම ආදී රෝග ලක්‍ෂණ මතුවේ.

සිරෝසිස් රෝගයට ප්‍රතිකාර

ගැස්ට්‍රයිටීස් රෝගයත් සමඟ මතුව ඇති සිරෝසිස් රෝග තත්ත්වය ඉතා ඉක්මනින් සුවපත් කළ යුතුය. එනිසා අපගේ දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම අනුව දින 16 ඖෂධ වට්ටෝරු 04 ක් පමණ ලබා දී රෝගයට ඉක්මන් ප්‍රතිකාර ලබා දේ.

මෙහිදී දිනකට පානය කළ යුතු ඖෂධ වර්ග රැසක් ඇත. මෙලෙස ඖෂධ වර්ග රැසක් ලබාදීමට සිදුවන්නේ සිරෝසීස් රෝග තත්ත්වය මතු වී ඇතිවිට ඒ සමගම තවත් රෝග රැසක් සිරුර තුළ පැවතීමය. එනම් දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් අධික බව ඇතුළු රෝග රැසක් සක්‍රීයව පවතී. එනිසා එම රෝග ද සුවපත් කරමින් සිරෝසිස් රෝගය සඳහා කඩිනමින් ප්‍රතිකාර කළ යුතුය. එහිදී විෂ සහිත කොටස් නිසා අපිරිසිදු වී ඇති රුධිරය පිරිසිදු කිරීම, ආමාශයේ ක්‍රියාකාරීත්වය යළි සාමාන්‍ය තත්ත්වයට පත්කිරීම, ආහාර ජීර්ණයට අවශ්‍ය ශ්‍රාවයන් නිපදවීම යළි සක්‍රීය කිරීම ආදී ප්‍රතිකාර රැසක් එකවර සිදුකළ යුතුය. එසේ සිදු කිරීමෙන් අක්මාවේ මතුව ඇති සිරෝසිස් රෝගය නිට්ඨාවට සුවපත් කළ හැකිය.

එනිසා දේශීය පාරම්පරික ප්‍රතිකාර මගින් මෙම රෝගය සුවපත් කර ගැනීමේදී වෛද්‍යවරයා විසින් ලබාදෙන සියලුම ඖෂධ වර්ග භාවිතා කළ යුතුය. ඇතැම් දෙනා වෛද්‍යවරයා විසින් ලබාදෙන ඖෂධ ප්‍රමාණය අනුව අනියත බියක් ද ඇතිකර ගනී. මෙම ඖෂධ ප්‍රමාණය අවශ්‍ය නම් වසරක පමණ කාලයක් භාවිතය සඳහා ලබාදිය හැකිය. නමුත් රෝගියාගේ පවතින රෝග තත්ත්වය අනුව එතරම් දිගු කාලයක් ප්‍රතිකාර ලබාදීම මගින් රෝගය උත්සන්න වීමට ඇති ඉඩකඩ වැඩිය. එනිසා කඩිනම් ප්‍රතිකාර මගින් ඉතා කෙටි කාලයක් තුළ රෝගය සුවපත් කිරීම අපගේ ප්‍රතිකාර ක්‍රමයේ අරමුණය.

වැඩි විස්තර සඳහා දුරකථන අංක 0778985757 ඇමතිය හැකිය.

ගැස්ට්‍රයිටීස් නිසා මතුවන සිරෝසිස්

ආයුර්වේද, පාරම්පරික, දේශීය, සර්වාංග, රස වෛද්‍ය ආචාර්ය වෛද්‍ය
වජිරජීව සරත් කුමාර
ජීව බල වෙදමැඳුර අංක 46/2/4,නැඟෙනහිර මාවත, කිරිල්ලවල, කඩවත
සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment