ගැහැනු කෙනෙක් තාප්පයෙන් ඇතුළට විසිවෙලා හිටියා:  වැඩිහිටි දීමනාව හදාගන්න ගිය ගමන මරණයෙන් අවසන්

410

දුම්රියේ නළාව අධික ශබ්දයක් නංවමින් නොකඩවා නාද වුණා. ඒ සමගම ශබ්දයක් ඇසුණා. අපි එතනට ගිහින් බලනවිට ගැහැනු කෙනෙක් තාප්පයෙන් ඇතුල් පැත්තට විසිවෙලා හිටියා. අනික් තුන්දෙනාගෙන් අම්මයි තාත්තයි බදාගෙන වැටී සිටියා යැයි සිවු දෙනකුට මරුකැඳවමින් බූස්ස රිල්ලඹ දුම්රිය හරස් මාර්ගයේදී වූ අනතුර පිළිබඳ අදහස් දක්වමින් අසල්වැසියකු වන ඒ. ආරියපාල නමැත්තා එසේ කීවේය.

රත්ගම රිල්ලඹ දුම්රිය හරස් මාර්ගයේදී මාතර සිට වවුනියාව බලා ධාවනය වෙමිනස් තිබූ දුම්රියේ ති‍්‍රරෝද රථයක් ගැටීමෙන් මෙම අනතුර වී තිබුණි. මෙම අනතුරෙන් එකම පවුලේ සිවු දෙනකු මියගියහ.

ඒ. ආරියපාල නමැත්තා මෙසේ ද කීවේය. අධික ශබ්දයත් සමග අපි එතනට බලන්න ගියා. ති‍්‍රරෝද රථයේ පිටුපස කොච්චිය හැපිලා තිබුණා. හතරැුස් පෙට්ටියක වගේ කණුවක ති‍්‍රරෝද රථය වැදී උඩු අතට පෙරළී තිබුණා. ඉන් ගැහැනු කෙනෙක් තාප්පයෙන් ඇතුල් පැත්තට විසිවෙලා තිබුණා. අනික් තුන්දෙනාගෙන් අම්මයි තාත්තයි බදාගෙන හිටියා. පිරිමි අයෙක් ගුළිිවෙලා හිටියා. ඔහු ගෝනියක දමාගෙන ඔසවාගෙන ගියා. තුවාලකරුවන් වාහනවලින් රැුගෙන ගියා. දුම්රිය සංඥා කි‍්‍රයාත්මක වෙමින් තිබියදී ති‍්‍රරෝද රථය දුම්රිය හරස් මාර්ගය හරහා දමා තියෙනවා යැයි ද ආරියපාල මහතා කීවේය.

ති‍්‍රරෝද රථ රියැදුරුගේ මවට හා පියාට වැඩිහිටි දීමනාව සකස් කරගැනීම සඳහා ග‍්‍රාමසේවා නිලධාරියා හමුවීම සඳහා යමින් සිටියදී මොවුන් මෙම අනතුරට ලක්ව ඇත.

ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි, හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment