ගෑනු හුටපටයක් දුර දිග ගොස් පියා සහ පුතා ඝාතනය කරලා

542

ඉදුරුපත්විල, බුබුල ගමේ ද්විත්ව ඝාතනයේ ප‍්‍රධාන සැකකරු වසර 37කට පසු අත්අඩංගුවට

ප‍්‍රධාන සැකකරු රටින් පැනගොස් වසර 18 ක් මාලදිවයිනේ කරවල වාඩියක සැඟව ඉඳලා

වසර 37 කට පසු දිත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදුකර පොලිසියට සැඟව සිටි සැකකරු ගාල්ල, වඳුරඹ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය 14 වැනි දින රාත‍්‍රියේදීය.

දුරඹ පොලිසියේ පොලිස් නිල වාහනය රාත‍්‍රී ජංගම මුර සේවාවේ ගමන් කරමින් තිබිණි. වදුරඹ ඉදුරුපත්විල මාර්ගයේ උස මහත හැඩිදැඩි මිනිසකු පාලම අසලින්

ගමන් කරන්නේ සැකමුසු වූ ගමන් විලාසයෙනි. ජංගම මුර සේවා පොලිස් රථය දුටු විගස මේ පාලම මතින් දිවෙන පදික මාරුවේ ගමන් කළ මිනිසාගේ එක් වර ඇති වූ වෙනස පොලිස් ජීප් රථයේ ඉදිරි අසුනේ සිටි වඳුරඹ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුක්මන් කුමාර කෝට්ටගේ මහතාගේ පොලිස් ඇසට නතු වූයේ දිගු කලක් අපරාධකරුවන් සම්බන්ධයෙන් ස්ථානාධිපතිවරයාගේ දැනීම නිසාය.

පොලිස් ස්ථානාධිපතිවරයා වහා පොලිස් රථය නතර කර අඳුරේ ගමන් කරන මිනිසාගෙන් ප‍්‍රශ්න කළේය.

මේ මිනිසා කතාකරන හැසිරෙන, උත්තර දෙන, බලන ආකාරය සැක සහිත නිසා පොලිසියේ සැකය තව තවත් තහවුරු විය.

ඒ අනුව මේ මහලූ මිනිසා ජංගම පොලිස් නිල වාහනයට නංවාගෙන ව`දුරඹ පොලිසියට රැුගෙන ගියේය.

පසුදින වඳුරඹ පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු දුරකථන ඇමතුමකින් මහා අපරාධයක මහ මොළකරුවා අල්ලා ගන්නට හැකි වූ බව අවබෝධ වන්නට විය.

වඳුරඹ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුක්මන් කුමාර කෝට්ටගේ මහතා මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹීය. ඒ අනුව අපරාධයක සුලමුල හෙළි විය.

‘‘1984 අවුරුද්දේ ඔය ඉදුරුපත්විල, බුබුල ගමේ මිනී මැරුම කළේ අපි’’…. මේ මහලූ මිනිසා කතාව ආරම්භ කළේය.

මේ අනුව 1984 දී එනම් දැනට වසර 37 කට පෙර ඉදුරුපත්විල ගම්මානයේ දිත්ව මිනීමරුමක් සිදු වේ. මේ ආකාරයට හතර දෙනකු එක්ව ඝාතනය කරන ලද්දේ තාත්තා, පුතා බවට පොලිසිය කරුණු අනාවරණය කරගෙන තිබුණි. මෙහි දී මෙම මනුෂ්‍ය ඝාතන දෙකට අමතරව තවත් අයකුට මරණීය බරපතළ තුවාල සිදු කර තිබිණි.

දින කිහිපයකට පසුව මෙම මහා ඝාතනයේ සැකකරුවන් සමබන්ධයෙන් එවකට බද්දේගම පොලිසිය මේ සම්බධයෙන් කළ වැටලීමක දී ප‍්‍රධාන සැකකරු පළාගෙස් සිටියේ ය. දෙවන, තෙවන, සිව්වන සැකරුවන් පොලිසිය අල්ලා ගත්තේය. ඔවුන්ට නීතිය ක‍්‍රියාත්මක විය. ගාල්ල මහාධිකරණ නඩු අංක 1312 යටතේ, 2001.10.27 දින සැකකරුවන්ට ද`ඩුවම් නියම විය.

වසර ගණනාවක දඩුවමකින් පසුව මෙම දිත්ව මනුෂ ඝාතනයේ ප‍්‍රධාන සැකකරු නොමැතිව අනෙක් සැකකරුවන්ට දඩුවම් විඳින්නට සිදුවිය. පසුව ඔවුහු අධිකරණයෙන් නිදහස් වී ඉදුරුපත්විල ගමට පැමිණියහ.

මේ මහා ඝාතනයේ ප‍්‍රධානියා සොයන්නට වසර 37 ක් තුළ පොලිසිය හා ආරක්ෂක අංශ කටයුතු කළ ද මේ තැනැත්තා සිටින තැනක් වාසය කරන ස්ථානයක් හෝ මේ ප‍්‍රධාන සැකකරු ඉන්නවාද මරුණාද කියාවත් කිසිදු තොරතුරක් සොය ගන්නට පොලිසිට නොහැකි විය.

මෙම ඝාතනයේ ප‍්‍රධාන සැකකරුවා උපක‍්‍රමශීලී ආකාරයට මුහුදු මාර්ගයෙන් බෝට්ටුවක නැ`ගී මාලදිවයිනට ගොස් ඇත. මෙහි දී කරවල වාඩියක රස්සාවක් කර තිබේ. සුනාමි ව්‍යවසනයටද ලක්වූ මේ සැකකරුවා යන්තමින් දිවි ගලවාගෙන ඇත. මේ ආකාරයට වසර 18 ක් පමණ මාලදිවයිනේ මාළු කරවල වාඩියක ගත කළ සැකකරු යළිත් කොළඹට පැමිණ ඇත්තේද හොර රහසේය. පසුව, කොළඹ ගෙදරක වැඩ කරමින් කටයුතු කර තිබිණි.

මේ කතාන්දරය නිසා මේ සැකකරුගේ බිරිඳ හා දරුවන් තිදෙනා ඉදුරුපත්විල බුබුල ගම හැරදා ගිය බවට ගම්වාසීහු පවසති. මොවුන් ගිය ස්ථානයක් දැන ගන්නට නොමැත. නමුත් සැකරුගේ බිරි`දගේ ගම මීගමුව බව කියවේ.

කොළඹ කලක් සිටි මේ සැකරුවා ඉකුත් දා ගමට එන්නේ ඥාති දුවකගේ නිවසකටයි. පොලිසිය ඔහු අත්අඩංගුවට ගන්නේ මේ අවස්ථාවේදීය.

ප‍්‍රධාන සැකකරුවා නොමැතිව මනුෂ්‍ය ඝාතනයේ අධිකරණ කටයුතු සිදු කෙරිණි. මේ අනුව ප‍්‍රධාන සැකකරුට ගාල්ල අධිකරණයෙන් වසර 24 ක් සිර ද`ඩුවමක් ලබා දී තිබිණි. ඒ 2001.10.27 වන දින දීය.

මේ දිත්ව මිනී මැරුම සිදුව ඇත්තේ 1984.06.14වන දිනයේ ය. ඒ දිනය වෙසක් පෝය දිනකි. පසුගිය දින මෙම මනුෂ්‍ය ඝාතනයේ ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට ගන්නා විට ඔහුගේ වයස අවුරුදු 78 ක් පමණ වී තිබිණි.

මේ වන විට ව`දුරඹ පොලිස් ස්ථානයක් පිහිටා තොතිබිණි. මේ නිසා මේ නඩුවේ සියලූම කටයුතු සිදු කර තිබුනේ බද්දේගම පොලිසිය මගිනි. මේ මිනී මැරුමේ තොරතුරු දැනට ඇත්තේ බද්දේගම පොලිසිය සතුවය.

පොලිසිය පවසන පරිදි බද්දේගම ඉදුරුපත්විල, බුබුල

ගම්මානයේ මේ සැකරුවන් හා ඝාතනයට ලක්වූ පිරිස ජීවත්ව සිට ඇත. දෙපිරිස අතර මෙම ආරවුලට හේතු වී ඇත්තේ ගෑනු හුටපටයකි. මේ නිසා ඇති වූ බහින්බස් වීමක් නිසා මෙම ආරවුල ඇති වී ඇති අතර ඉන් පසුව කඩුපොලූ වලින් පහර දී පිය පුතු ඝාතනයට ලක් කර තිබිණි.

මෙසේ ඝාතනයට ලක් වූයේ කළුආරච්චිගේ මහතුන් හා ඔහුගේ පුත් කළුආරච්චිගේ පේ‍්‍රමදාස යන අය බව පොලිසිය කියයි. බරපතළ තුවාල ලබා ඇත්තේ සක්කුල ආරච්චිගේ අමරසේන නැමැත්තෙකි.

පසුගිය දින ඉදුරුපත්විල පාලම අසල දී සැකපිට අත්අඩංගුවට ගත්තේ දැනට වයස අවුරුදු 78 ක් පමණ වූ සුදුසිංහ ඬේවිඞ් ආරියදාස නැමැති මෙම දිත්ව මනුෂ්‍ය ඝාතනයේ මහ මොළකරුවාය. ව`දුරඹ පොලිසිය මගින් සැකකරු ගාල්ල අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතව තිබිණි.

මේ ඝාතනය සිදුව තිබුණේ බද්දේගම පොලිස් වසමේ බුබුල ගම්මානයේ ය. මෙම සිද්ධියේ තොරතුරු සහිත පොලිස් පොත පත මේ වන විට සොයා ගත නොහැකිය. ගමේ ගම්වාසීන්ගේ තොරතුරු මත මේ සම්බන්ධයෙන් අධිකරණයට තොරතුරු වාර්තා කරන්නට බද්දේගම හා වඳුරඔ පොලිසිය මේවන විට පොලිස් පරීක්ෂණ පවත්වයි.

ව`දුරඹ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුක්මන් කුමාර කෝට්ටගේ මහතාගේ උපදෙස් මත, පො.සැ. 7449 මහින්ද, පො.සැ.33714 සිරිල්, පො.සැ.72882 විජේසිංහ ප‍්‍රමුඛ නිලධාරීන් පිරිසක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති. මනුෂ්‍ය ඝාතයක් කර කිසිවකුටත් සැඟව සිට නොහැකිය. ඝාතකයා රට තුළ හෝ පිට රටක හෝ සැඟව සිටිය ද ඔහුට කවදා හෝ කළ

වැරැුද්දට ද`ඩුවම් ලැබෙනු ඇත. එය සනාතන ධර්මතාවයයි.

බෝගහගොඩ – ඒ. ඩබ්ලිව්. ඒ. නිමල්

advertistmentadvertistment
advertistmentadvertistment