ගෑස්,කිරිපිටි, සිමෙන්ති මිල තීරණය අද

258

ජනාධිපතිවරයා සිය ඇමෙරිකානු නිල සංචාරයෙන් පසු පවත්වන පළමු කැබිනට් රැස්වීම අද (04දා) සවස පැවැත්වීමට නියමිතය. මෙහිදී කිරිපිටි, ගෑස් සහ සිමෙන්ති මිල වැඩිකිරීම සහ සහල් මිල පාලනය සම්බන්ධව තීරණ ගැනීමටද නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

එසේම සිව්දින නිල සංචාරයක් සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ශ‍්‍රී හර්ෂ් වර්ධන් ෂිංග්ලා මහතා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමටද නියමිතය. මෙම හමුවේදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සහ ආයෝජන ව්‍යාපෘති ක‍්‍රියාත්මක වන ආකාර පිළිබඳව සාකච්ඡුා කිරීමට වැඩි අවධානයක් යොමුවනු ඇතැයි වාර්තා වේ.

උපාලි ද සේරම්
 

advertistmentadvertistment
advertistmentadvertistment