ගෑස්‌ හිඟය තව සතියක්‌ පමණ

344

ලාෆ් ගෑස් මිල වැඩි කිරීමට අවසර ලැබුණ ද දැනට වෙළෙඳපොළෙහි පවතින ගෑස් හිඟය යම් මට්ටමකින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා සතියක් පමණ ගතවනු ඇතැයි ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා පැවසීය.

 දිවයින පුරා පවතින ලාෆ් ගෑස් හිඟය යළි සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා මාසයක පමණ කාලයක් ගතවනු ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

 පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ලාෆ් ගෑස් මිල ඉහළ දැමීමට අවසර දීමත් සමග කිලෝග‍්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩයරක මිල රුපියල් 363 කින් ඉහළ දමා ඇත. ඒ අනුව එම ගෑස් සිලින්ඩයරක නව මිල රුපියල් 1,856 කි. කිලෝග‍්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145 කින් ඉහළ දැමීමත් සමග එහි නව මිල රුපියල් 743 කි.

 කෙසේ වෙතත් ලිට්‍රෝ ගෑස් මිල වැඩි කර නැත. ඒ අනුව ලිට්‍රෝ කිලෝග‍්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1493 කි. කිලෝග‍්‍රෑම් 05 සිලින්ඩරයක මිල රුපියල් 598 කිි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment