ගෑස් අනතුරක් නම් පොලිසියට කියන්න

164


ගෑස් සම්බන්ධ යම් අනතුරක් නිරීක්ෂණය වන්නේ නම් හෝ සිදුවුවහොත් ගෑස් අලෙවි නියෝජිතයාට, ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම්දෙන ලෙස මෙම ගැටලූ‍වට විසඳුම් සෙවීම සඳහා පත්කර ඇති විශේෂ ජනාධිපති කමිටුව ජනතාවට දැනුම් දෙයි.
එහි සභාපති මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතා පෙන්වා දෙන්නේ ‘පළමුව ආරක්ෂාව‘ යටතේ එම පියවර ගතයුතු බවය.එසේම එම කමිටුවේ දුරකථන අංක වන 0115 811 927 හෝ 0115 811 929 වෙත ද වහාම දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියි.
ගෑස් සිලින්ඩරයට භාවිත කරන රෙගියුලේටරය, ගෑස් සැපයුම් නළය නිසි ප‍්‍රමිතියකින් හා ගෑස් ලිප නිසි ක‍්‍රියාකාරිත්වයකින් යුතු උපාංගවලින් සමන්විත බවට තහවුරු කරගන්නා ලෙසද දැනුම් දෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment