ගෑස් ඉල්ලා පොකුණුවිට  උද්ඝෝෂණ මාර්ගයත් අවහිර කරලා

89

ගෑස් සිලින්ඩර මිලදී ගැනීම සඳහා පැමිණ සිටි පාරිභෝගිකයන් විශාල පිරිසක් හොරණ කොළඹ මාර්ගයේ පොකුණුවිට ප‍්‍රදේශයේ හිස් ගෑස් සිලින්ඩර පෙළට තබා අවහිර කර සිය විරෝධය දැක්වූහ.

ගෑස් ඉල්ලා පොකුණුවිට  උද්ඝෝෂණ මාර්ගයත් අවහිර කරලා

ඒ ආසන්නයේ පිහිටි ගෑස් අලෙවි සලකට ගෑස් පැමිණෙන බවට ලද තොරතුරක් අනුව ඊයේ (21) මධ්‍යම රාත‍්‍රියේ සිට අලෙවි සල අසල පෝලිම් වල රැුඳී සිටියත් ගෑස් සිලින්ඩර අදත් (22) පැමිණෙන්නේ නැති බවට වෙළඳ සල් හිමියන් පැවසීමත් සමඟ බලාපොරොත්තු සුන් වී උරණ වූ පාරිභෝගිකයෝ සිය හිස් සිලින්ඩර මාර්ගය හරහා තබා තමන්ට ගෑස් ලබාදෙන ලෙස ඉල්ලා විරෝධය පළ කළහ. උද්ඝෝෂණකරුවන් අතර සිටි සමහර අය මාර්ගය හරහා තමා තිබූ සිලින්ඩර් ඉදිරිපිටින් පුටු තබා හිදගෙන සිටි අතර තවත් අය මාර්ගයේ වැතිර සිටින්නට වූහ.

පැය බාගෙකට අධික කාලයක් පාරිභෝගිකයන් සිලින්ඩර හරස්කර මාර්ගය අත්පත් කරගෙන සිටීම හේතුවෙන් හොරණ කොළඹ මාර්ගයේ දෙදිශාවටම යාමට පැමිණි බොහෝ වාහන රියැදුරෝ දැඩි අපහසුතාවට පත් වූහ.

මෙහිදී උද්ඝෝෂණයේ යෙදුනු පාරිභෝගිකයන් සහ වාහන රියැදුරන් අතර ද බහින්බස් වීම්ද සිදුවිය. පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ මාර්ගය අවහිර කර තබා තිබූ ගෑස් සිලින්ඩර ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමඟම උද්ඝෝෂණයේ යෙදුණු පාරිභෝගිකයන් පොලිස් නිලධාරීන්ට ද සිය දෝෂාරෝපණය එල්ල කළ අතර එයට ප‍්‍රතිචාර දැක්වීමට පොලිස් නිලධාරින් පිරිස කටයුතු නොකර රාජකාරිය ඉටු කිරීමට පියවර ගත්හ. අනතුරුව පොලිසිය මැදිහත්ව ගෑස් අලෙවි සලේ හිමිකරුවන් සමඟ සාකච්ඡුා කර ගෑස් සිලින්ඩර පැමිණෙන දිනක ගැටලූවක් ඇති නොවන ආකාරයෙන් ගෑස් සිලින්ඩර ලබාදීමට  පාරිභෝගිකයන්ට ටෝකන් පත් නිකුත් කිරීමට කටයුතු කිරීමෙන් අනතුරුව පිරිස විසිර ගියහ.

කැස්බෑව – ජයසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment